මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එරාවුර් ප්‍රදේශයේ අක්කර 400 ක නව විශේෂිත රෙදිපිළි නිෂ්පාදන කලාපයකට අනුමැතිය

    ඔක්තෝබර් 18, 2021

    මෙරටට ආර්ථික හා සමාජයීය ප්‍රතිලාභයක් ගෙන ඒමට සමත් අක්කර 400 ක නව විශේෂිත රෙදිපිළි නිෂ්පාදන කලාපයකට පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා‍ගේ සභාපතීත්වයෙන් පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනුමැතිය හිමිවිය.

    2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන පනත යට‌තේ දේශීය සහ විදේශීය රෙදිපිළි නිෂ්පාදකයන් සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයේ, එරාවුර් ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට නියමිත මෙම විශේෂීත රෙදිපිළි නිෂ්පාදන කලාපය කර්මාන්ත විෂය භාර අමාත්‍යංශය සමඟ සම්බන්ධීකරණය වෙමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත බව මෙහිදී අනාවරණය විණි.

    මෙම අවස්ථාවේදී විස්තරාත්මකව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පසන් වනිගසේකර මහතා කාරක සභාවට දන්වා සිටියේ දැනටමත් එරාවුර්හි උසස් ප්‍රමිතියෙන් යුතු ඇඟළුමි විදේශීය වෙළඳපොළට නිෂ්පාදනය ඇරඹීම සඳහා කම්හල් දෙකක් සිය කැමැත්ත පළ කර ඇති බවයි.

    ඒ සම්බන්ධව සිය අදහස් ඉදිරිපත් කළ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පෙන්වා දුන්නේ මෙම කම්හල්වලට මෙරට අනෙකුත් කම්හල් සඳහා ලැබෙන බදු සහන වලට අමතර වාසි ලබාදෙන්නේ නම් එය අසාධාරණයක් බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතාද පෙන්වා දුන්නේ එය අදාළ සමාගම්වලට පමණක් අසීමාන්තික අවස්ථා හිමිවන විවෘත චෙක්පතක් ලබාදීමක් බඳු අවස්ථාවක් බවයි.ඒ අවස්ථාවේිදී සිය අදහස් දක්වමින් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සඳහන් කළේ මෙම කලාපය දේශීය සහ විදේශීය රෙදිපිළි නිෂ්පාදකයන් අරමුණු කරගත් කලාපයක් මිස ඇඟලුම් කර්මාන්තශාලා ස්ථාපනය කරන්නක් නොවන බවයි.


    රට මුහුණ දී සිටින තත්ත්වය අනුව මෙබඳු ආයෝජන අවස්ථා අතිශය වැදගත් බව පිළිගත් රජයේ මුදල් පිළිබඳව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා‍ එසේ වුවද
    සියලු රෙදිපිළි නිෂ්පාදකයන්හට සමාන අවස්ථා සහ බදු සහන හිමිවීම අත්‍යාවශ්‍ය හෙයින් එම සංශෝධනයට යටත්ව එරාවුර් ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට නියමිත මෙම විශේෂීත රෙදිපිළි නිෂ්පාදන කලාපයට කාරක සභාවේ අනුමැතිය හිමිවිණි.

    මීට අමතරව, 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන පනත යට‌තේ ආර්ථීක ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය විසින් බස්නාහිර පළාතේ, කොළඹ 02, ග්ලැනි වීදියෙහි ඒකාබද්ධ නිවාඩු නිකේතනය නමි වූ ව්‍යාපෘතියේ වාණීජ මෙහෙයුමි ඇරඹීම සඳහා 2021 ඔක්තෝම්බර් මස 2 වැනි දින සිට 2022 දෙසැම්බර් 31 දක්වා කාලයක් ලබාදීම සඳහා ද රජයේ මුදල් පිළිබඳව කාරක සභාවේදී අනුමැතිය හිමිවිය.

    එසේම, 2022 අයවැය ඇස්තමේන්තුව සඳහා ජාතික විගණන කාර්යාලයේ සමස්ත වියදම සඳහා මෙම කාරක සභාවෙහි අනුමැතිය හිමිවූ අතර විගණකාධීපති සී. වික්‍රමරත්න මහතා විශේෂයෙන් සඳහන් කළේ , සිය කාර්යාලය සඳහා අන්තර්ජාතික පුහුණු මධ්‍යස්ථානයක් හොරණ ඉදිකිරීමට නියමිතව ඇති අතර ඒ සඳහා ප්‍රතිපාදන සපයාදෙන්නේ නමි අතිශයින්ම යෝග්‍ය බවයි. කැබිනට් මණ්ඩලය නව ගොඩනැගීමි සඳහා අයවැය මඟින් ප්‍රතිපාදන වෙන් කිරීමට සූදානමි ව නොසිටින බව මෙහිදී මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා පෙන්වා දුන් අතර සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී
    අනුර ප්‍රියදර්ශන යාපා පෙන්වා දුන්නේ ජාතික විගණන කාර්යාලයේ අවශ්‍යතාවය තමා පිළිගන්නා නමුත් දැනටම රාජ්‍ය ආයතන රැසක භාවිතයට නොගන්නා ගොඩනැගිලි රැසක් පවතින බව අවධානයට යොමුවිය යුතු බවය.

    සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමයට පැවති රජයේ මුදල් කාරක සභාව සඳහා එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සහභාගී වූ අතර අමාත්‍යංශ කිහිපයක උසස් නිලධාරීහුද සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya