අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "වාරි සෞභාග්‍යයා" වැඩසටහනේ වර්තමාන ප්‍රගතිය සමාලෝචනය කරයි

    ඔක්තෝබර් 16, 2021

    ග්‍රාමීය වැව් අමුණු 5000 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන වූ "වාරි සෞභාග්‍යයා" වැඩසටහනේ වර්තමාන ප්‍රගතිය පිළිබඳ සමාලෝචන සාකච්ඡාවක් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි .

    2021 වසරේ මුල් කාර්තුවේදි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ වාරි සෞභාග්‍යයා ජාතික වැඩසටහන යටතේ මේ වනවිට ග්‍රාමීය වැව් අමුණු හා වාරි කෘෂි ඇල මාර්ග 1500 කට අධික සංඛ්‍යාවක ප්‍රතිසංස්කරණය කටයුතු ආරම්භ කොට 65%ක් ඉක්මවූ ප්‍රගතියක් අත්පත් කරගැනීම මේ සදහා දායක වූ සියලු පාර්ශවයන්ගේ ජයග්‍රහණයක් බව අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

    ප්‍රතිසංස්කරණය කරන සෑම වැවක් තුළින්ම ජල රැඳවුම් ධාරිතාවය ඉහළ ගොස් දෙකන්නයම වගා කිරිමේ ඉඩකඩ පුළුල් වීම, ජාතික ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් වීමට සෘජුවම බලපානු ඇති අතර, ඒ තුළින් වැව හා බැඳුණු ග්‍රාමීය ආර්ථිකය මෙන්ම ජාතික ආරථිකය ද ශක්තිමත් වනු ඇත.


    අදට ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ඊට දායක වූ සියලුම පාර්ශවයන්ට අමාත්‍යවරයා සිය ස්තූතිය පුද කළ අතර වාර්ෂික ඉලක්ක වර්ෂය තුළම සපුරාලීමට කටයුතු කරන ලෙස ද කියා සිටියේය.


    මේ අවස්ථාවට වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක,රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු අයිවන් සිල්වා,වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු නිහාල් සිරිවර්ධන මහත්වරු ඇතුළු වාරිමාර්ග, මිනින්දෝරු, ගොවිජන සේවා ආදී දෙපාර්තමේන්තුවල ප්‍රධාන නිලධාරින් රැසක් සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya