අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව සහ නේපාලය අතර දිගු කාලීන මිත්‍රත්වය සහ ද්විපාර්ශ්වික සහයෝගිතාව අවධාරණය කරයි

    ඔක්තෝබර් 13, 2021

    නේපාලයේ ශ්‍රී ලංකා තානාපති හිමාලී අරුණතිලක මහත්මිය , ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ සුබපැතුම් පණිවුඩයක් සමඟ නේපාලයේ නව විදේශ අමාත්‍ය ආචාර්ය නාරායන් ඛඩ්කා මහතා විදේශ අමාත්‍යංශයේ දී හමු වූවා ය.

    ගැඹුරු ලෙස මුල් බැසගත් සංස්කෘතික හා ආගමික සබඳතා සපිරි දෙරට අතර සියවස් ගණනාවක් මුළුල්ලේ පැවති ඉපැරණි සබඳතා පිළිබඳව අමාත්‍ය පීරිස් මහතා සිය සුබපැතුම් පණිවුඩය තුළින් සිහිපත් කළේය.

    මහාචාර්ය පීරිස් මහතා වෙත සිය අවංක ස්තූතිය පළ කළ අමාත්‍ය ඛඩ්කා මහතා දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය පිළිබඳව අවධාරණය කළේය. 2015 වර්ෂයේ දී හටගත් භූ කම්පනයෙන් හානි වූ විහාරස්ථාන දෙකක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව ලබා දුන් සහයෝගය වෙනුවෙන් ද ඒ මහතා සිය කෘතඥතාව පළ කළේය.

    වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා කලාපීය හා ජාත්‍යන්තර සංසද මෙන්ම ව්‍යාපාර සහයෝගීතා තුළ පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. පසුගිය මාස කිහිපය තුළ දී ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ පෞද්ගලික අංශ අතර ඉදිකිරීම්, සංචාරක, ජල විදුලිය සහ මැණික් හා ස්වර්ණාභරණ යන ක්ෂේත්‍ර කේන්ද්‍ර කොට ගත් ඵලදායී නිරතවීම් ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා ඉවහල් වන කැපී පෙනෙන ප්‍රවණතා බව තානාපති අරුණතිලක මහත්මිය සිහිපත් කළාය.

    කොළඹ සහ කත්මණ්ඩු අතර සෘජු ගුවන් සබඳතා යථා තත්ත්වයට පත් කිරීම සඳහා දැරූ ප්‍රයත්නය අගය කළ අමාත්‍ය ඛඩ්කා මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවය මඟින් ක්‍රියාත්මක කෙරෙන සෘජු ගුවන් ගමන් සංචාරක ව්‍යාපාරය සහ වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීමට උපකාරී වනු ඇතැයි සඳහන් කළේය. දෙරට අතර පවතින ඓතිහාසික බෞද්ධාගමික සබඳතා, මිනිසුන් හුවමාරු කර ගැනීම සහ සංචාරක ව්‍යාපාරය වැඩි කිරීම සඳහා දිරිගැන්වීමක් සපයන බව ඔහු අවධාරණය කළ අතර මේ සම්බන්ධයෙන් ලුම්බිණිය ද සුවිශේෂී වැදගත්කමක් දරන බව ප්‍රකාශ කළේය.

    නේපාල විදේශ කටයුතු අමාත්‍යංශයේ දකුණු ආසියා අංශයේ සමලේකම් තිර්ථ රාජ් වාග්ලේ මහතා සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශිකා නිලූෂා දිල්මිණි මහත්මිය ද මෙම හමුවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya