අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක ආකර්ෂණිය ස්ථාන 35ක මළ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණ පද්ධතියක් සහිත වැසිකිළි පද්ධති සැකසේ

    ඔක්තෝබර් 13, 2021

    ඇතැම් සංචාරක ප්‍රදේශ වල, පූජා භූමි වල හා නාගරික ප්‍රදේශ වල වැසිකිළියකට හදිසි අවශ්‍යතාවයකටවත් යා නොහැකි ලෙස ජරාවාස වී ඇතැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි

    අමාත්‍යාංශ නිළධාරීන් සමඟ පසුගියදා පැවති ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමකදී අමාත්‍යවරයා එසේ පැවසීය.

    හඳුනාගත් නාගරික ප්‍රදේශ, පූජාභූමි හා සංචාරක ආකර්ෂණිය ස්ථාන 35 ක් සඳහා මළ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණ පද්ධතියක් සහිත වැසිකිළි පද්ධති ඉදිකිරීම සඳහා රුපියල් 380,798,377.80 (තිස් අට කෝටි හත් ලක්ෂ අනූඅට දහස් තුන්සිය හැත්තෑ පහයි.ශත අසුවයි) මුදලක් වෙන්කිරීමට රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබේ.

    දියුණු වන නාගරික ප්‍රදේශවල ප්‍රධාන බස් නැවතුම් පලවල්, සංචාරක ආකර්ෂණීය ප්‍රදේශ, නාගරික වෙළඳ මධ්‍යස්ථාන, ක්‍රීඩාංගන හා සම්මන්ත්‍රණ ශාලා ආශ්‍රිතව විශාල වශයෙන් මහජනතාව ගැවසෙන ප්‍රදේශ සඳහා ක්‍රමවත් ලෙස මල අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේද සහිත සනීපාරක්ෂක උසස් නිමාවෙන් යුතු වැසිකිලි පහසුකම් වල ඌනතාවයක් පවතී.

    පළාත් පාලන ආයතන මඟින් අමාත්‍යාංශය වෙත එවැනි ගැටළු පිළිබඳව දැනුවත් කර ඇත. දෙස් විදේස සංචාරකයින් සහ නොයෙකුත් අවශ්‍යතා සඳහා නගරයට පැමිණෙන ජනතාවගේ සනීපාරක්ෂාව උදෙසා උසස් නිමාවෙන් යුතු වැසිකිළි පද්ධති ඉදිකිරීම කාලීන අවශ්‍යතාවයක් බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එහිදී පැවසීය.

    දැනට පවතින බොහෝ වැසිකිළි පද්ධති නිසි පරිදි නඩත්තු නොකිරීම, මළ අපද්‍රව්‍ය බැහැර කරලීමට නිසි ක්‍රමවේද නොතිබීම හේතුවෙන් භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත් වී ඇත. මේ හේතුන් නිසා බැතිමතුන්, සංචාරකයින් අපහසුතාවයට පත්වීම දැකිය හැකිය. අනුරාධපුරය, පොළොන්නරුව, කොළඹ, රත්නපුර, ගම්පහ, මාතර,කළුතර, මාතලේ, ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක, ප්‍රදේශ 35 ක මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya