මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලබන වසරේ සිට ගමකට රුපියල් ලක්ෂ 30 බැගින් සංවර්ධනයට ලබා දීමට රජය තිරණය කරයි- කෘෂිකර්ම අමාත්‍ය

    සැප්තැම්බර් 26, 2021

    කොරෝනා වසංගතයෙන් නැවතී ඇති ගමේ සංවර්ධන කටයුතු ලබන වසරේ සිට නැවත ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කෙළේය.

    මෙවර අය වැයෙන් පලාත් පාලන ආයතන නියෝජනය කරන මහජන නියෝජිතයින්ට රුපියල් ලක්ෂ 30 බැගින් ලබා දීමටත් එක් එක් ග්‍රාම නිළධාරි වසම් සදහා රුපියල් ලක්ෂ 40 ක් බැගින් ලබා දීමටත් තීරණය කර අති බවද අමාත්‍යවරයා සදහන් කෙළේය.

     මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 100 ක් බැගින් සංවර්ධනය සදහා මෙවර අය වැයෙන් මුදල් ලබා දීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තිරණය කර ඇති බවද
    අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මාවනැල්ල මැතිවරණ කොට්ඨාසයේ පලාත් පාලන ආයතනවල නියෝජිතයින් සමඟ පැවැති සාකචිඡාවකදී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කෙළේය. මාවනැල්ල මැතිවරණ
    කොට්ඨාසයට පමණක් ලබන වසරේ දී සංවර්ධන කටයුතු සදහා රුපියල් ලක්ෂ 1000 ක් ලැබෙන බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙම සාකචිඡාවට මාවනැල්ල මැතිවරණ
    කොට්ඨාසයේ පලාත් පාලන ආයතනවල සභාපතිවරු හා නියෝජිතයින් සියලු දෙනාම සහභාගි වී සිටියහ.

     මෙහිදී අදහස් දැක් වු පලාත් පාලන ආයතනවල නියෝජිතයින් මේවන විට තමන් මුහුණ දී සිටින ගැටලු ද ඉදිරිපත් කෙළේය.

     මෙහිදී අදහස් දැක්වු අලුත්ගමගේ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වත්මන් රජය බලයට ගෙන ඒමට කැප වී ක්‍රියා කළ පලාත් පාලන ආයතනවල නියෝජිතයින් මුහුණ දී සිටින ගැටලු
    සම්බන්ධයෙන් රජයට අවබෝධයක් ඇති බවත් ගත වු වසර එකහමාරක කාලය තුල කොරෝනා වසංගතය නිසා එයින් ජනතාව මුදවා ගැනීමට රජය ප්‍රමුඛත්වය ලබා දුන්නත් ලබන වසරේ ජනවාරි මාසයේ සිට ගමට වැඩ කරන්න පලාත් පාලන ආයතනවල නියෝජිතයින්ට ශක්තිය ලබා දීමට රජය තීරණය කර ඇති බවය.

     ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එතුමාගේ සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් කරන්නට කැප වී කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී පලාත් පාලන
    නියෝජිතයින් ගෙන් ඉල්ලා සිටියේය.

    මෙම සාකචිඡාවට වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න සමඟ කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්මන්ත්‍රීවරුන් කීප දෙනෙකුද සහභාගි වී සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya