මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

     පාලින්දනුවර යෝජිත කර්මාන්තපුරය පිළිබදව විශේෂ සාකච්ජාවක්

    සැප්තැම්බර් 26, 2021

    කළුතර දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට යෝජිත පාලින්දනුවර කර්මාන්තපුරය පිළිබදව සහ මතුගම කර්මාන්තපුරයේ දැනට පවතින ගැටළු පිළිබද විශේෂ සාකච්ජාවක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (23) කර්මාන්ත අමාත්‍යංශයේදී පැවැත්විණි.

    යෝජිත කර්මාන්තපුරය සදහා ඉඩම් පවරා ගැනීමේ කටයුතු කඩිනමින් අවසන් කොට කර්මාන්තපුරය ආරම්භ කිරීමට පසුබිම සකසන ලෙස කර්මාන්ත අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

    කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනූප පැස්කුවෙල් මහතා විසින් වැලිපැන්න අන්තර් පිවිසුම ආසන්නයේ හරිත කර්මාන්ත ගම්මානයක් ඉදිකිරිමට යෝජනා කරන ලද අතර ඒ පිළිබඳව කර්මාන්ත අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමුවිය. ඉදිරියේදී ඒ සදහා අවශ්‍ය කටයුතු සොයා බලන බවට එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

    මතුගම කර්මාන්තපුරයේ දැනට පවතින ගැටළු කිහිපයක් පිළිබදව ද මෙහිදී සාකච්ජා කරනු ලැබූ අතර හැකි ඉක්මනින් ඒවාට සුදුසු විසදුම් ලබාදෙන ලෙස අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට ඒ මොහොතේම උපදෙස් ලබාදෙන ලදි.

    මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පැස්කුවෙල්, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් දයා රත්නායක, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, කර්මාන්ත සංවර්ධන අධ්‍යක්ෂ වින්දික පියරත්න යන නිලධාරීහු සහ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහජන නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya