අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “දරුවන් ලබා ගන්නා දැනුම කිසිදු ව්‍යසනයකට හෝ පුද්ගලයෙකුට නැතිකළ නොහැක” - අධ්‍යාපන අමාත්‍ය

    සැප්තැම්බර් 18, 2021

    දරුවන් ලබා ගන්නා දැනුම කිසිදු ව්‍යසනයකට හෝ පුද්ගලයෙකුට නැතිකළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ සියලුම ළමා සංවර්ධන මධ්‍යස්ථානවල නේවාසිකව සිටින දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් පුලුල් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 21ක් වටිනා පරිගණක හා අන්තර්ජාල සබඳතා පිරිනැමීමේ උත්සවයේදීය.

    ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී 15 දින අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙය කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ පූර්ණ මඟ පෙන්වීම යටතේ සිදුවිය. මෙහිදී ළමා සංවර්ධන මධ්‍යස්ථාන 379ක දරුවන් 10632ක් සඳහා පරිගණක ප්‍රදානය සිදු කෙරිණි.

    එහිදී සභාව ඇමතූ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

    “රටපුරා විසිරී තිබෙන ළමා සංවර්ධන මධ්‍යස්ථාන තුළ සිටින දරුවන් සඳහා ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙල දියත් කිරීමේ ක්‍රියාදාමය මෙවර ලෝක ලමා දිනය වෙනුවෙන් සිදුකිරීම පිළිබඳව පියල් නිශාන්ත අමාත්‍යතුමාට මාගේ ස්තූතිය පිරිනමනවා.

    තොරතුරු තාක්ෂණය පෙරදැරි කර ගනිමින් අධ්‍යාපනය නව මං සොයන වකවානුවනක දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීමට ව්‍යාපාරික ප්‍රජාවන්ගේ දායකත්වය ලබාගනිමින් මෙම වැඩසටහන් යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් ක්‍රියාවලියකි. එය දරුවන්හට නව නිර්මාණාත්මක ක්‍රියාමාර්ගයකට පිවිසීමට මඟ පෙන්වීමකි.

    දරුවන් රටක සංතෘෂ්ටිය වේ. දරුවන් දෙමාපියන්ගේ සංතෘෂ්ටිය වේ. එම දරුවන්ගේ සතුට වෙනුවෙන්, අධ්‍යාපනය වෙනුවෙන් ක්‍රියාත්මක තවත් සුවිශේෂී ව්‍යාපෘතියක් බවට මෙය හැදින්විය හැක. රටක ඇතිවිය හැකි ව්‍යයසනයන් හමුවේ නොසැලෙන එකම දේ දැනුම පමණි. දරුවන් ලබා ගන්නා දැනුම කිසිදු ව්‍යයසනයකට හෝ පුද්ගලයෙකුට නැතිකළ නොහැක. එබැවින් දරුවන්ගේ දැනුම වර්ධනය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය බැඳී සිටී. එය අතිගරු ජනාධිපතිතුමාගේ‍ සෞභාග්‍ය දැක්මෙහිද සුවිශේෂී වැඩසටහනකි.

    මෙම මධ්‍යස්ථානයන්හිදි දරුවනට තිබෙන අභියෝග සාමාන්‍ය පාසලක දරුවනට වඩා වැඩිය. තාක්ෂණය ඔස්සේ ලෝකය වෙනස් වෙමින් පවතින කාලයක ලොව වෙනස් වන්නේ කුමන දිශාවකටද යන්න සහ නව ලොවත් සමඟ දරුවන්ට ගමන් කිරීමේ පහසුකම ඇති කිරීම සඳහා දියත් කරන මෙම වැඩසටහන මා හැඟි කර්තව්‍යයකි.”

    තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත යන මහත්වරුන්ද සභාව ඇමතූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම්, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කුමාරි ජයසේකර යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya