අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක කටයුතු හා ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීමට යුක්රේනය සමඟ සාකච්ඡා

    සැප්තැම්බර් 18, 2021

    සංචාරක කටයුතු හා ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීමේ හැකියාවන් පිළිබඳව යුක්රේනය සමඟ සාකච්ඡා කරයි.

    කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ශ්‍රී ලංකා සංචාරක කටයුතු ප්‍රවර්ධන ව්‍යාපාරයකට සහභාගී වීම සහ දෙරට අතර ආර්ථික සහයෝගිතාව ඉහළ නැංවීමේ ශක්‍යතා පිළිබඳව සාකච්ඡා කිරීමට පසුගිය දා දක්වා යුක්රේනයේ නිල සංචාරයක නිරත විය.

    මෙම සංචාරයේ දී රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය සහ සංචාරක ක්‍රියාකරු ජාලකරණ සැසියකට ද සහභාගී විය. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාව සඳහා යුක්රේනයේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය සහ සංචාරක සංවිධාන නියෝජිතයින් සහභාගී වූ අතර, යුක්රේනයේ සංචාරකයන් සඳහා පිළිගැන්වීම පිණිස මෙරට සතු ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණ ස්ථාන, විශේෂයෙන් නැගී එන සංචාරක ස්ථාන සහ සංචාරක අත්දැකීම් ඉස්මතු කිරීම සඳහා වැදගත් අවස්ථාවක් එමඟින් උදා කර දුන්නේය.

    රාජ්‍ය ඇමති බාලසූරිය මහතා යුක්රේනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඩිම්ට්‍රෝ සෙනික් මහතා , ආර්ථික සංවර්ධන, වෙළඳ හා කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය තරාස් කච්කා මහතා සහ යුක්රේනයේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජෙනඩි චයිසිකොව් මහතා සහ වාණිජ මණ්ඩල සාමාජිකයින් ද හමුවී, විශේෂයෙන් කෘෂිකර්මාන්තය, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය සහ සංචාරක ව්‍යාපාරය ඇතුළු දෙරට අතර ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කළේය.

    රාජ්‍ය අමාත්‍යවරයා සමඟ යුක්රේනයේ ශ්‍රී ලංකා තානාපති රිස්වි හසන් මහතා , කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සාවිත්‍රි පානබොක්කේ මහත්මිය සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් දේශාන් ගෝනවෙල මහතා ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya