අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය ඇමති පේරාදෙණිය ළමා රෝහලේ නිරීක්ෂණ චාරිකාවක

    සැප්තැම්බර් 18, 2021

    සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා,පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි ඇති ,දැනට අකර්මාණ්‍ය තත්ත්වයේ පවතින රුපියල් කෝටි 30 ක පමණ වටිනාකමින් යුත් එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍රයේ තත්ත්වය පිළිබඳව විමසා බැලීය.

    රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා එහිදී එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබඳවත් එමගින් පරීක්ෂණ සිදු කිරීමට නොහැකි වීමෙන් පළාත් හතක ළමා රෝගීන් පත්ව තිබෙන අසීරුතාව සම්බන්ධවත් ඇමැතිවරයාට කරුණු පැහැදිලි කළේය. 2006 වසරේ රෝහල විවෘත කිරීමත් සමඟ මෙම යන්ත්‍රය රෝහලට ලැබී තිබෙන බවත් 2017 දක්වා එමගින් පරීක්ෂණ සිදුකර තිබෙන බවත් රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේය. රුපියල් කෝටි ගණනක් වටිනා එම යන්ත්‍රය නිසි නඩත්තු කිරීමක් නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වයට පත්ව තිබෙන අතර ඒ පිළිබඳව කඩිනමින් සොයා බලන ලෙස මෙහිදී අමැතිවරයා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාට උපදෙස් දුන්නේය.

    මෙම යන්ත්‍රය ක්‍රියාත්මක මට්ටමේ පැවති කාලයේදී දිනකට එම්.ආර්.අයි. පරීක්ෂණ 15- 20 ප්‍රමාණයක් සිදු ඇත.

    මේ අතර එම රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත දරුවන්ගේ තත්ත්වය පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී විමසීය. ඒ අනුව ආසාදිත දරුවන් වාර්තා වීම මේ වන විට දිනෙන් දින විශාල ලෙස අඩු වෙමින් පවතින බව වෛද්‍යවරු පෙන්වා දුන්හ.

    එමෙන්ම රෝහල් පරිශ්‍රයේ පවතින අඩු ඉඩ පහසුකම් සම්බන්ධයෙන් ද රෝහල් අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කළ අතර ඒ අනුව ඒ පිළිබඳව අවධානය යොමු කර කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya