අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නයිනමඩම ඉරණවිල හරහා හලාවත දක්වා බී 640 මාර්ගය සංවර්ධනය කෙරේ

    සැප්තැම්බර් 16, 2021

    කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයේ වෙන්නප්පුව, මාරවිල, මහවැව, මාදම්පෙ, හලාවත නගරයන්හි පවතින රථවාහන තදබදයට විසදුමක් ලෙස වෙරළබඩ සීමාවට සමාන්තරව දිවෙන නයිනමඩම ඉරණවිල හරහා හලාවත දක්වා වන බී 640 මාර්ගයේ සංවර්ධන කටයුතු කඩිනම් කර ඇතැයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

    කිලෝ මීටර් 32 ක දුරකින් සමන්විත මෙම මාර්ගය මං තීරු දෙකක් යටතේ පුළුල් කරමින් තිබේ. දැනටමත් කිලෝ මීටර් 18 ක වැඩ අවසන් කර ඇත. මෙම මාර්ගයේ බරුදැල්පොල ප්‍රදේශයේ මීටර් 100 ක දිගකින් යුක්ත පාලමක් සම්පූර්ණයෙන් වැඩ අවසන් කොට තිබේ. එමෙන්ම තොඩුවාව ප්‍රදේශයේ මීටර් 80 දිග පාලමක් සම්පුර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර තිබේ.

     

    රථ වාහන තදබදය විසදීමට අමතරව සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට හා ප්‍රදේශයේ ධීවර කර්මාන්තයේ දියුණුවට ද මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කිරීම වඩාත් ඉවහල් වනු ඇත. සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා එම ප්‍රදේශයේ ආකර්ෂණය වැඩිදියුණු කිරීම පිණිස මග දෙපස වෙරළබඩ ප්‍රදේශයට ආවේණික වූ ශාක වර්ග සිටුවීමට සැලසුම් කර තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya