අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගෝස්තු මස 20 සිට සැප්තැම්බර් මස 13 දක්වා මාර්ග අනතුරු 63ක්

    සැප්තැම්බර් 15, 2021

    මාර්ගයේ ඇති නිදහස අයුතු ලෙස භාවිතා කරමින් අපරික්ෂාකාරී ලෙස මෝටර් රථ සහ යතුරු පැදි ධාවනය කිරීම හේතුවෙන් නිරෝධායන ඇඳිරි නීතිය ආරම්භ වූ පසුගිය අගෝස්තු මස 20 දා සිට සැප්තැම්බර් මස 13 වන දා දක්වා සිදුවූ මාර්ග අනතුරු 63ක් බවත්, එම අනතුරුවලින් 66 දෙනෙකු මියගොස් ඇති බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

    රට අර්ධවශයෙන් වසා ඇති මෙම සමයේ සිදුවූ රිය අනතුරු සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.

    මෙම අනතුරුවලට හේතුව අපරික්ෂාකාරී රය පැදවීම බවත් සිදුවූ අනතුරුවලින් 56ක්ම අපරික්ෂාකාරී ලෙස රිය හා යතුරුපැදි ධාවනය මගින් සිදුවී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    මාර්ග අනතුරුවලින් මියගිය 66 දෙනාගෙන් 31 දෙනෙකුම යතුරුපැදි කරුවන් බවත්, ඉතා අපරික්ෂාකාරී ලෙස යතුරුපැදිකරුවන් මේ මොහොතේ යතුරුපැදි හසුරවන බවත්, එම හේතුවෙන් මෙම මරණ සිදුවී ඇති බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya