අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරෝධායන නීති කැඩූ පුද්ගලයන් 72113ක් අත්අඩංගුවට

    සැප්තැම්බර් 15, 2021

    සැප්තැම්බර් 14 උදෑසන 06 සිට සවස 06 දක්වා පොලිස් නිලධාරීන් 283 දෙනෙකු යොදවාගෙන බස්නාහිර පළාත තුළ නිරෝධායන නීති සහ නිරෝධායන ඇඳිරිනීති උල්ලංඝණය කිරීම් පරීක්ෂා කිරීමට මෙහෙයුම් සිදු කළ බවත්, මෙම මෙහෙයුම් මගින් පුද්ගලයන් 9111 දෙනෙකු වාහන 5984 ක් පරික්ෂා කර තිබෙන බවත්, නිසි අවසර නොලබා ගමන් කිරීමට පැමිණි වාහන 735ක් සහ පුද්ගලයන් 1130 දෙනෙකු හරවා යැවීමට කටයුතු කරනු ලැබු බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

    රට අර්ධ වශයෙන් වසා තිබෙන මේ මොහොතේ නිරෝධායන නීති හා නිරෝධායන ඇඳිරි නීති කඩකිරීම් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.

    එහිදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා “බස්නාහිරින් පිටතට යන වාහන 596 ක් සහ පුද්ගලයන් 892ක් පරික්ෂා කර තිබෙනවා. බස්නාහිරට ඇතුලු වන වාහන 792ක් සහ පුද්ගලයන් 1160ක් පරික්ෂා කළා. නිසි පරිදි අවසර නොලබා පැමිණි වාහන 198ක් සහ පුද්ගලයන් 303 දෙනෙකු හරවා යැවීමට මෙම නිලධාරින් කටයුතු කළා” යනුවෙන් පැවසීය.

    පළමු කොරෝනා රැල්ලේ සිට මේ දක්වා නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම් සහ නිරෝධායන නීති කඩකිරීම් යටතේ පුද්ගලයන් 72113ක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, නිරෝධායනය නීති උල්ලංඝණය යටතේ පුද්ගලයන් 15908 හා වාහන 1717 නීතිය ඉදිරියට පමුණවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya