අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැනට හඳුනාගෙන ඇති භාවිතයට නොගන්නා ඛනිජ ද්‍රව්‍ය, විධිමත් පරිදි ආර්ථිකමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමට වැඩපිළිවෙළක්

    සැප්තැම්බර් 15, 2021

    මෙරට දැනට හඳුනාගෙන ඇති නමුත් භාවිතයට නොගන්නා ඛනිජ ද්‍රව්‍ය විධිමත් පරිදි ආර්ථිකමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීම පිණිස වැඩපිළිවෙළක් යෙදීම සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

    ඒ අනුව පළමුව එකී ඛනිජ ද්‍රව්‍ය සංචිත පවත්නා ප්‍රදේශ, එම සංචිත ප්‍රමාණ හා ඒවා භාවිතා කරමින් කළ හැකි නිෂ්පාදන පිළිබඳව සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදු කිරීම පිණිස ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට නියමිත බවත් එම කමිටුවේ නිර්දේශ අනුව අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් විමල් වීරවංශ අමාත්‍යවරයා පැවසීය.

    මේ වනවිට ඉල්මනයිට්, සර්කෝන්, රූටයිල් හා මිනිරන් යන ඛනිජ, කැණීම, පිරිපහදු කිරීම හා අපනයනය කිරීම කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවත්නා රාජ්‍ය සමාගම් වන ලංකා ඛනිජ වැලි සමාගම සහ කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනය විසින් සිදුකරනු ලබයි.

    මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ මධ්‍යස්ථානය මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කටයුතුවල නිරත වේ.

    එකී ඛනිජ ද්‍රව්‍ය හැරුණු කොට ශ්‍රී ලංකාවේ දැනට හඳුනාගෙන ඇති අනෙකුත් ඛනිජ ද්‍රව්‍ය උපයෝජනය සම්බන්ධයෙන් රාජ්‍ය මැදිහත්වීම ප්‍රමාණවත් අන්දමින් සිදු නොවන බව පෙනී ගොස් ඇති බැවින් මෙවැනි වැඩපිළිවෙළක් යෙදීම පිණිස පියවර ගත් බවත් එමඟින් ජාතික ආර්ථිකය ශක්තිමත් කරමින් මෙරටට විදේශ විනිමය රැගෙන ඒම තම අරමුණ බවත් කර්මාන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya