සැප්තැම්බර් 19, 2021
tami eng youtube  twitter facebook

    කටුනායක ඉදි කෙරුණු නව පී.සී.ආර් පරීක්ෂණාගාරය සංචාරක අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

    සැප්තැම්බර් 14, 2021

    සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ යටතේ කටුනායක ගුවන්තොටුපළ ආශ්‍රිතව පිහිටුවන ලබන නවීන පී.සී.ආර් පරීක්ෂණාගාරය එළඹෙන 20
    වැනිදා විවෘත කෙරේ.

    පැයකට පී.සී.ආර් පරීක්ෂණ 500 බැගින් දිනකට පී.සී.ආර් පරීක්ෂණ 7000ක් මෙම පරීක්ෂණගාරය තුළ සිදුකිරීමට නියමිතයි.

    එම පරීක්ෂණාගාරය නිරීක්ෂණය කිරීම සඳහා අද(14) පෙරවරුවේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහභාගී වූ අතර මෙරටට පැමිණෙන සංචාරකයින්ට පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවක් නිකුත් කිරීම මෙමඟින් සිදුකෙරේ.

    ඒ අනුව ගුවන්තොටුපළ ආශ්‍රිතව ඉදි කෙරුණු පී.සී.ආර් පරීක්ෂණාගාරයේ වාර්තාව නෙගටිව් වන, එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති සංචාරකයින්ට බාධාවකින් තොරව ශ්‍රී ලංකාවේ
    නැරඹුම් ස්ථාන කරා යා හැකිය.

    පී.සී.ආර් පරීක්ෂණාගාරය නිරීක්ෂණයට එක් වූ අමාත්‍යවරයා එහිදී මෙසේ පැවසීය.
    මේ පරීක්ෂණාගාරය අපි ලබන 20දා විවෘත කරනවා. සමාගමක් මෙහි ආයෝජනය කර තිබුනත් පරීක්ෂණාගාරයේ සම්පූර්ණ අයිතිය තියෙන්නෙ ගුවන් සේවා සහ ගුවන්තොටුපල සමාගමටයි. වසර දෙකක කළමණාකරන ගිවිසුමක් යටතේ පරික්ෂණාගාරය ක්‍රියාත්මක වෙනවා. මේ පරීක්ෂණාගාරය සංචාරකයින්ගෙන් මුදල් අය කරලා පී.සී.ආර් කරන්නෙ. ඩොලර්
    40 ක මුදලක් අය කරන්න නියමිතයි. පහුගිය කාලේ අපි යුක්‍රේනයට ගියා. යුක්රේනයේ ඩොලර් අනූවක් පී.සී.ආර් පරීක්ෂණයකට අය කරනවා. යුරෝපයේ ඩොලර් 60 ක් අය කරනවා.

    ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක වූ සාමාන්‍ය ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේදී අවශ්‍ය නම් ශ්‍රී ලාංකිකයින් කැමතිනම් යම් මුදලක් නියම
    කරලා මේ පරීක්ෂනාගාරයෙන් පී.සී.ආර් කරගන්න අවස්ථාව හදන්න පුළුවන්. පසුගිය දිනවල සංචාරක අමාත්‍යවරයා සහභාගී සහභාගි වූ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් විමසූ අතර ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ''ඒ රටවල සෞඛ්‍ය නීතිරීති ක්‍රියාත්මක වෙන ආකාරය අපි දැක්කා. රටක් විදිහට අපිට කොන් වෙන්න බැහැ. ඒ රටවල සංචාරකයින් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන සෞඛ්‍ය නීතිරීති සම්බන්ධයෙන් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ අපි සාකච්ඡා කරනවා. දිනකට සංචාරකයින් 1500ක් කියන ඉලක්කය සපුරා ගැනීමට අපි උත්සාහ කරනවා ''යි පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya