අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිඳු ඉන්ධන හිඟයක් නෑ - අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

    සැප්තැම්බර් 14, 2021

    කිසිඳු ඉන්ධන හිඟයක් මේ වන තෙක් පැන නැගී නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිඳු අනියත බියක් ඇතිකරගත යුතු නැති බවත්, රටට අවශ්‍ය ඉන්ධන සංචිත ප්‍රමාණවත්ව පවතින බවත්, සම කැබිනට් ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(සැප්තැම්බර් 14) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මෙරටට අවශ්‍ය ඉන්ධන හිඟයක් ඇත්දැයි මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු සපයමින් ඒ මහතා මේ බව පැවසීය.

    ඉන්ධන සංචිතවල යම් අඩුවීමක් සිදුවුවහොත් ඒ සඳහා අවශ්‍ය පිරිවැය දරා ඉන්ධන ගෙන්වීමට රජය සූදානමින් සිටින බවත්, ඒ පිළිබඳව සැකියක් තබාගතයුතු නොමැති බවත් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    ඛලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ සංචාරය හදිසි සංචාරයක් නොවන බවත්, සාමාන්‍යයෙන් මෙවැනි සංචාරවලදි තෙල් මිල මෙන්ම ණය ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා වන බවත්, මෙම සංචාරයේදී  ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණද අවසාන නිගමනයකට එළැඹ නැති බවත්, දැනට පවතින තත්වය යටතේ තෙල් හිඟයක් නොමැති බවත්, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya