අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 2030 දී විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන්- 2050 දී විදුලි ජනනය පූර්ණ කාබන්හරණ තත්ත්වයට පත් කෙරේ

    සැප්තැම්බර් 14, 2021

    වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ විදුලිබල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගැනීමට යෝජනා කරමින් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව විදුලිබල ඇමතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවද, 2050 වන විට මෙරට විදුලි ජනනය පූර්ණ කාබන්හරණයෙන් සිදුකළ යුතු බවටද එහි යෝජනාවක් වූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.

    කැබිනට් මණ්ඩලය ඉතාම ගෞරවයෙන් මෙම යෝජනාවන් අනුමත කළ බවද, ඒ අනූව වසර 2050 වන විට මෙරට විදුලි ජනනය පූර්ණ කාබන්හරණ තත්ත්වයට පත්කිරීම මෙරට සිදුවෙන ඉතාම වැදගත් සංසිද්ධියක් බවද පරිසරය වෙනුවෙන් සහ අනාගතය වෙනුවෙන් එය ක්‍රියාවට නැංවීමට පියවර ගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya