අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආනයනික කාබනික පොහොරවල ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජිවීන් නෑ- කෘෂිකර්ම අමාත්‍යාංශය

    සැප්තැම්බර් 14, 2021

    ආනයනික කාබනික පොහොරවල ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජිවීන් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සහතික වෙයි.

    රජය ආනයනය කරන කාබනික නයිට්‍රිජන් පොහොරවල සත්ත්ව, ශාක හා මිනිසාට අහිතකර ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජිවීන් සිටින බවට සමාජ මාධ්‍ය හා ඇතැම් ජාතික මාධ්‍යන්හි පලවන ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බවට කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

    අදාල කාබනික පොහොර වර්ගයන් ආනයනය කරනු ලබන්නේ අන්තර් ජාතික කාබනික පොහොර නිෂ්පාදනය සඳහා සහතික ලත් සමාගම්වලින් පමණි. ඒ එක් එක් පොහොර වර්ගය සඳහා ද අදාල අනතර් ජාතික කාබනික පොහොර නිෂ්පාදන සහතිකය ලබා තිබිය යුතුය.

    මෙම පොහොර නිෂ්පාදන ක්‍රමවේදය තහවුරු කිරීම සඳහා ISO 17065 සහතික ලබා ඇති සමාගම්වලින් මෙරටට පොහොර ආනයනය කරනු ලබයි. තවද ISO 17025 අන්තර් ජාතික සහතිකකරණය ලත් එක් එක් පරාමිතීන් විශ්ලේෂණ කිරීම සඳහා ප්‍රණිතකරණය ලත් විශ්ලේෂණාගාරයකින් සහතික ලබා ඇති සත්ත්ව, ශාක හා මිනිසාට අහිතකර ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජිවීන් නොමැති කාබනික පොහොර පමණක් මෙරටට ආනයනය කරන බවට ද කෘෂිකර්ම අමාත්‍යාංශය අවධාරණය කරයි.

     

    මේ නිසා ආනයනික කාබනික පොහොර භාවිතා කිරීමට කිසිදු බයක් සැකක් ඇති කර නොගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya