අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රාථමික සෞඛ්‍ය සේවා,වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට

    අගෝස්තු 05, 2021

    අබාධිත සහ දෘෂ්‍යබාධ සහිත දරුවන් සමාජගත කිරීම ඇතුළු වැඩපිළිවෙළවල රැසක් මෙන්ම වැඩිහිටි ජනතාව වෙනුවෙන් සමාජ සේවාවන් රැසක් ක්‍රියාත්මක කරන ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ පරිපූරක ඇස්තමේන්තුව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.

    අලුතින් පිහිටුවන ලද මෙම රාජ්‍ය අමාත්‍යංශය සඳහා වෙනම වැය ශීර්ෂයක් යටතේ අයවැයක් ඉදිරිපත්කිරීමට නොහැකි වූ බව පෙන්වා දුන අමාත්‍යරිය ඒ අනුව අමාත්‍යංශ නිළධාරින් සමග සාකච්ඡා කර නව පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට සැළසුම් කළ බවද පැහැදිළි කළාය.

    ප්‍රාථමික සේවා යටතේ මෙරට වෘත්තීය පුහුණු ආයතන 08ක් පාලනය වන බවත්, අබාධිත දරුවන්ට වෘත්තීය පුහුණුව ලබා දෙමින් ඔවුන් සමාජගත කීරීම, මන්දමානසික සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම වැනි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

    රාජ්‍ය අමාත්‍යංශය මගින් ග්‍රාමීය ජනතාවට විශාල සේවාවක් ඉටු වන බවත් එම කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා මෙලෙස පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කළ බවද ඇය සඳහන් කළාය.

    මේ වනවිට රු.2,000 සේ මාසික දීමනාව ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සංඛ්‍යාව 416,667 ක් බවද ඇය සඳහන් කළාය. වැඩිහිටි ජාතික සංවිධාන එකමුතුවේ ඉල්ලීම මත එම වැඩිහිටියන් සඳහා ලබාදෙන දීමනාවෙන් රුපියල් 100 ක මුදලක් රඳවා තබා ගන්නේ එමගින් වැඩිහිටි නිවාසවල අඩුපාඩු සම්පූර්ණ කිරීමට බව එම මුදල රඳවා තබාගැනීමට එවකට තීරණය කළ බවද ඇය පැවසුවාය.

    තවද වයස අවරුදු 100 ට වැඩි පුරවැසියන් සඳහා රජය විසින් රුපියල්5000ක දීමනාවක් ලබා දෙන අතර ඒ සඳහා හිමිකම් ලබා ඇති වැඩිහිටියන් සංඛ්‍යාව 500කි. පොරොතුත් ලේඛනයේ තවත් 30 දෙනෙක් සිටින බවත් ඉදිරියේ දී ඔවුන්ටද එම දීමනාව ලබා දෙන බව සඳහන් කළාය.

    වැඩිහිටියන් සඳහා විවිධ පහසුකම් ලබා දීම වෙනුවෙන්, සහ පවතින වැඩිහිටි නිවාස වල ගුණාත්මක භාවය වැඩි කිරීම ආදීය වෙනුවෙන්ද තම අමාත්‍යංශය නිතර කටයුතු කරන බවත් කොවිඩ් වසංගතය හමුවේ ග්‍රාමීය ජනතාව ඇතුළු පිරිසට අති විශිෂ්ඨ සේවාවක් 1990 සුවසැරිය ගිලන්රථ සේවාව හරහා ඉටු කරන බව ද පැවසූ අමාත්‍යවරිය, ගිලන් රථ 297ක් මේ වන විට ධාවනයේ යෙදෙන බව ද සඳහන් කළාය. තවත් ගිලන් රථ 212 ක අවශ්‍යතාවයක් ඇති බවත්, කොව්ඩි අරමුදලෙන් ගිලන් රථ 60ක් ලබා ගැනීමට අනුමත වී ඇති බවද පැවසුවාය.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya