සැප්තැම්බර් 19, 2021
tami eng youtube  twitter facebook

    විදෙස්ගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එන්නත් ලබාදීම ඇරඹේ

    ජූලි 29, 2021

    විදෙස්ගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එන්නත් ලබාදීම ආරම්භ වේ.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එන්නත් ලබාදීම (28) නාරහෙන්පිට යුද හමුදා රෝහලේ දී ආරම්භ කෙරිණ.

    ආරම්භක දිනයේ මෙම එන්නත ලබා දෙනු ලබන්නේ බස්නාහිර පළාතෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූ විදෙස් රැකියා අපේක්ෂිත ඊට අදාළ ලියකියවිලි සම්පූර්ණ කරනු ලැබූ ශ්‍රමිකයන්ට බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් පිටත්ව යන රටවල් රැසක්ම පිළිගනු ලබන්නේ ෆයිසර් එන්නත බැවින් එම එන්නත මෙම විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබාදීම සඳහා
    පසුගියදා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් සමග පැවති සාකච්ඡාවක දී එකඟතාවය පළ කෙරිණ.

    ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බලකායේ පූර්ණ සහයෝගය ඇතිව අද දින යුද හමුදා රෝහලේ දී මෙම එන්නත් ලබාදීමේ කටයුතු ආරම්භ කෙරිණ.  ශ්‍රමිකයන් 1200කට පමණ එන්නත ලබා දෙන අතර,  දිගටම මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. විදේශ රැකියා සඳහා රැකියා බලපත්‍ර ලැබූ සහ ඊට අදාළ අවසරයන් ලැබූ පුද්ගලයන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවියේ ලියාපදිංචිවීමෙන් මෙම එන්නත ලබා ගත හැක. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk යන වෙබ් අඩවිය ඔස්සේ මෙම එන්නත් ලබා ගැනීමට ඔවුන්ට ලියාපදිංචි විය හැක.

    මෙම එන්නත් ලබාදීමේ වැඩසටහන නිරීක්ෂණයට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් මහින්ද
    හතුරුසිංහ මහතා‍, යුද හමුදා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය බ්‍රිගේඩියර් චන්දික අත්තනායක මහතා සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මංගල රන්දෙණිය
    මහතා ද එක්වූහ. මෙම එන්නත් ලබාදීමේ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බලකාය විසින් සිදු කෙරෙන අතර ඒ අනුව විදේශ රැකියා සඳහා යාමට නියමිත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 8000කට
    පමණ එම එන්නත ලබාදීමට ලබාදීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya