අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාබනික පොහොර ප්‍රවර්ධනයට,සහාය වීම සියලු පාර්ශවයන්ගේ වගකීම හා යුතුකමයි - රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත්.

    ජූලි 28, 2021

     

    නීරෝගිමත් ජාතියක්, ස්වයංපෝෂිත දේශයක් සඳහා, කාබනික පොහොර ප්‍රවර්ධනයට, සහාය වීම සියලු පාර්ශවයන්ගේ වගකීම හා යුතුකමයි - රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත්.

    නීරෝගිමත් ජාතියක් හා ස්වයංපෝෂිත ආර්ථික සංවර්ධනයක් සඳහා වන කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන වැඩසටහන ඉදිරියට ගෙන යාම රටේ අනාගතය වෙනුවෙන් හැඟීමක් තිබෙන සියළු දෙනාගේ වගකීමක් හා යුතුකමක් බව මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදුයටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා අවධාරණය කළේය.

    රාජ්‍ය ඇමතිවරයා මේ බව සදහන් කළේ මහවැලි කාබනික පොහොර සතිය නිමිත්තෙන් මහවැලි කලාපයේ ගොවි ජනතාව දැනුවත් කිරීම සඳහා පැවති වැඩසටහන් සඳහා සහභාගී වෙමිනි.

    ඇඹිලිපිටිය, චන්ද්‍රිකා වැව මහවැලි කොට්ඨාසයේ , සූරියවැව, මයුරපුර ප්‍රදේශ වල මෙම වැඩසටහන් පැවැත්විණි. සෞභාග්‍යා කෘෂිකර්ම සංවර්ධන වැඩසටහනට සමගාමීව මහවැලි කාබනික පොහොර නිෂ්පාදන සතිය වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

    විවිධ අභියෝග මධ්‍යයේ වුවද කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීම ජාතියේ හෙට දවස වෙනුවෙන් ගත් වැදගත් තීරණයක් බවත් පෙන්වා දෙන සිරිපාල ගමලත් මහතා ඇතැමුන් විවිධ චෝදනා එල්ල කළද මේ වැඩපිළිවෙල ආපස්සට හැරවීමට සූදානම් නොමැති බවද කියා සිටියේ ය.

    මෙහිදී සිරිපාල ගමලත් මහතා සහ මහවැලි නිලධාරීන් විසින් කාබනික පොහොර , ප්‍රමිති සහගත ලෙස නිෂ්පාදනය පිළිබඳව ගොවි ජනතාව දැනුවත් කළේය.

     

    එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා .

    "රජය විසින් කාබනික පොහොර සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මහවැලි අධිකාරියේ නිලධාරීන් 4,900 ක් පමණ මේ සඳහා ගොවි ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනවා. කාබනික පොහොර සම්බන්ධයෙන් බියක් ඇතිකර ගතයුතු නැහැ. ඒ වගේම කාබනික පොහොර යොදන භෝගවලට ආදායම අඩුවීමක් වෙන්නේ නැහැ. එක් එක් කලාපවල ගොවියාට අවශ්‍ය කාබනික පොහොර ගොවියා විසින්ම නිෂ්පාදනය කර ගන්නා වැඩපිළිවෙළක් මේ තුළින් ක්‍රියාත්මක වෙනවා. මේ සම්බන්ධයෙන් ගොවියා දිරිගැන්වීමක් ලෙස හෙක්ටයාර් එකකට රුපියල් 12,500 ක් රජයෙන් ලබා දෙනවා.

    ලබන මහ කන්නයේ සිට සියලු වගාවන් සඳහා කාබනික පොහොර යොදන්න පියවර ගෙන තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ "සෞභාග්‍යයේ දැක්ම" වැඩපිළිවෙලට අනුව වස විෂෙන් තොර ආහාර නිෂ්පාදනය කිරිම අපේ අපේක්ෂාව වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් පසුගිය මැයි මාසයේ 10 දා සියලු මහවැලි කලාප මට්ටමින් නිලධාරීන් දැනුවත් කලා. මේ සඳහා අපිට තවමත් කාලය තිබෙනවා. මේක පටන් ගන්න අයට ඒ වෙනුවෙන් අවස්ථාව තිබෙනවා. මේ වනවිට වසර 10 ට වැඩි කාලයක් විවිධ සංවිධාන කාබනික පොහොර නිෂ්පාදනයේ නිරතව සිටිනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya