මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වන රක්ෂිතයක අනවසරයෙන් බොරලු කැපූ පිරිසක් අත්අඩංගුවට

    ජූලි 24, 2021

    විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන නවෝදාගම යෝජිත රක්ෂිතයේ, නවෝදාගම වැව් ඉස්මත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු අවසරයකින් තොරව මහා පරිමාණයෙන් පරිසර හානි සිදු කරමින් බොරලු කපා ප්‍රවාහනය කළ පුද්ගලයින් පස් දෙනෙකු හා ටිපර් රථ තුනක් හා බොරලු කැපීමට යොදා ගත් එස්කැවේටර් යන්ත්‍රයක් අනුරාධපුර අඩවි වන කාර්යාල නිළධාරීන් හා උළුක්කුළම පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් එක්ව අත්අඩංගුවට ගෙන ඇත.

    විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නවෝදාගම වැව් ඉස්මත්තේ පිහිටි නවෝදාගම යෝජිත වන රක්ෂිතයේ විශාල ලෙස පරිසර හානියක් සිදු කරමින් බොරලු කැපීම සිදු කරන බවට ලැබුණු පැමිණිල්ලක් මත අනුරාධපුර අඩවි වන කාර්යාල නිළධාරීන් හා උළුක්කුළම පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් එක්ව වැටලීමක් සිදු කර ඇත,

    අදාළ නවෝදාගම හා හැළඹගස්වැව යන වැව් දෙකෙහිම ජල පෝෂක කළාපයක් වන අතර, වන අලින් නිරන්තරයෙන් ගමන් ගන්නා අලිමංකඩක මෙම බොරලු කැපීම සිදු කරමින් සිට ඇත. දින කීපයක් එහි බොරලු කපා ඇති අතර, පරිසරයටද ඉන් විශාල හානියක් සිදුව ඇත.

    වැටලීම සිදු කරන අවස්ථාවේදී එස්කැවේටර් යන්ත්‍රයක් මගින් බොරලු කපා ටිපර් රථ තුනකින් බොරලු ප්‍රවාහනය කරමින් සිට ඇති අතර, ඔවුන් සතුව බලපත්‍ර ඇත්දැයි කළ ප්‍රශ්න කිරීමකදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යංශයෙන් ලබා ගත් බලපත්‍රයක් ඉදිරිපත් කර ඇත.

    නමුත් අදාළ භුමිය යෝජිත වන රක්ෂිතයක් බැවින් වන රක්ෂිතයක අනවසරයෙන් බොරලු කැපීම හේතුවෙන් ස්කැවේටර් යන්ත්‍රය හා ටිපර් රථ 03 ඇතුළු සැකකරුවන් 05 දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරුවන් වන රක්ෂිතයට සිදු කළ හානිය මෙතෙක් ගණන් බලා නොමැති අතර, එය තක්සේරු කර අධිකරණය⁣ට ඉදිරියේදී දැන්වීමට නියමිතය.

    අඩවි වන නිළධාරී සුමිත් සුවාරිස්, විලච්චිට බීට්ටු වන නිළධාරී යූ.බී.වී.පී රත්නායක, උලුක්කුළම බීට්ටු වන නිළධාරී එච්.එස්.පී රත්නසේකර, පණ්ඩුලගම බීට්ටු වන නිළධාරී එම්.එන් ජයශාන්ත යන මහත්වරුන් ඇතුළු වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් පිරිසක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක ජී.ජී.වයි.ආර් දයාරත්න මහතා ඇතුළු පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් පිරිසක් වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya