අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද නාවික විධානයේ නව ආඥාපති රාජකාරි අරඹයි

    ජූලි 22, 2021

    උතුරු මැද නාවික විධානයේ නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න වැඩ භාර ගනී.

    රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න මහතා උතුරු මැද නාවික විධාන මූලස්ථානයේදී උතුරු මැද නාවික විධානයේ ආඥාපති වශයෙන් ජූලි 20 වන දින වැඩ භාර ගන්නා ලදී.

    උතුරු මැද නාවික විධානයේ ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් බන්දුල සේනාරත්න මහතා වයඹ නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු සිදු කරන ලදි. නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් මගින් ආචාරය පිරිනමමින් උතුරු මැද නාවික විධානය වෙත නව ආඥාපති පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් සංජීව ඩයස් විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් නව අඥාපති වෙත භාර දීම සිදු කෙරිණි.

    තවද, උතුරු මැද නාවික විධානයේ ‍‍‍‍‍නිලධාරීන් විසින් සුභ පැතීමෙන් අනතුරුව, රියර් අද්මිරාල් සංජීව ඩයස් මහතා වෙත නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමා උතුරු මැද නාවික විධානයෙන් සමුදීම සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya