මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වී මිලදී ගැනීම සම්බන්ධයෙන් වී මෝල් හිමියන් සමඟ එකගතාවයකට

    ජූලි 21, 2021

    ඉදිරි සති 02 ඇතුළත මෙරට සියලුම මෝල් හිමියන් සමඟ ගිවිසුමකට එළඹෙන බවත් ගොවීන්ගේ වී තොග රුපියල් 50ත් 52ත් අතර මිලකට මිලදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ(20) පාර්ලිමේන්තුවේදී පවැසිය.

    විපක්ෂය විසින් රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සම්න්ධයෙන් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     ඒ් අනුව වී මිලදී ගැනීම සම්බන්ධයෙන් වී මෝල් හිමියන් සමඟ එකගතාවයකට පැමිණ ඇති බවත් සහල් වැඩි මලිට විකුණන්නට ඒරෙහිව ලබා දිය හැකි උපරිම දඩුවම් ලබා දෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. ඊ ලග කන්නයේ සිට වී සහ සහල් මිල පාලනය කිරීම සම්පූර්ණයෙන්ම රජය සතු වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

     මෙම යල කන්නයේ ගොවියාට කිසිදු පොහොර හිගයක් ඇති නොවන බව කී අමාත්‍යවරයා

    සඟවාගෙන සිටි පොහොර තොග සියල්ල එළියට දැමූ බවත්  එළඹෙන මහ කන්නයේදී කිසිදු හිඟයකින් තොරව ගොවි ජනතාවට පොහොර ලබා දෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. ගොවි ජනතාවට යම් පාඩුවක් සිදු වුවහොත් ඒ් වෙනුවෙන් වන්දි ලබා දීමටද රජය කටයතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    වස විසෙන් තොර ආහාර වේලක් මෙරට ජනතාවට ලබා දී, නිරෝගිමත් ජනතාවක් බිහි කිරීම වෙනුවෙන් රජය කටයතු කරන බවද අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya