ජූලි 24, 2021
tami eng youtube  twitter facebook
    logo

    විශ්වාසභංග යෝජනාවෙන් ආණ්ඩුවේ සමඟිය පෙන්වීමට අවස්ථාව ලැබුණා -අමාත්‍ය විමල් වීරවංශ

    ජූලි 20, 2021

    ඉතිහාසයේ බරපතලම ව්‍යසනයකට රට මුහුණ පා සිටියදී ජනතාව වැඩ වර්ජනවලට උසි ගන්වමින් විශ්වාසභංග ගෙන එමින් රටම අසමඟි කරන 'තුට්ටු දෙකේ' දේශපාලනයක් විපක්ෂය ගෙන යන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගෙනා විශ්වාසභංගය පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය

    මෙම විශ්වාසභංග යෝජනාව, උදය ගම්මන්පිල මහතාගේ දේශපාලන වශයෙන් ශක්තිමත් බව පෙන්වන විශ්වාසභංගයක් බවත් , රට පත් වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජනතාවට පැහැදිළි කිරීමට ලැබුණු අවස්ථාවක් බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම විශ්වාසභංග යෝජනාව මගින් ආණ්ඩුවේ සමඟිය අන් කවරදාටත් වඩා පෙන්වීමට අවස්ථාව ලැබුණු බවද සඳහන් කළේය. රජය අතර තිබෙන මත සහ විසංවාද හරහා දේශපාලනයට පාර කපා ගන්න විපක්ෂයට ඉඩ නොලැබෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    ජීවිත කාලයේ මුහුණ දී ඇති භයානකම වසංගත තත්වයට රට මුහුණ දී ඇති මෙවැනි දුෂ්කර අභියෝගයක් හමුවේ රට ගෙන යන මෙවන් මොහොතක, රට මෙම තත්ත්වයෙන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සතුටු විය යුතු බවද කීය.

    මෙම රජය බලයට ගෙන ඒ්මට විශාල කැපකිරීමක් කළ නායකයන් අතුරින් උදය ගම්මන්පිල අමාත්‍යවරයාද කෙනෙකු බව පැවසූ අමාත්‍යවරයා,ඉතා ඉක්මනින්ම තෙල් මිල අඩු කරන අනාගතයක් ගොඩනඟන වැඩපිළිවෙලක් කරා ගමන් කරන බවද කීය.

    භාණ්ඩාගාරය හිස් වී,රට මාස ගණන් වසා තිබූ අවස්ථාවක ගුරු වැටුප් විෂමතා විසඳාගත යුතු අවස්ථාව මෙය නොවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya