අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික ප්‍රවාහන අංශයට සහන ලබාදීමට සාකච්ඡා කරනවා

    ජූලි 20, 2021

    පෞද්ගලික ප්‍රවාහන අංශයට රජය විවිධ පහසුකම් ලබාදී තිබෙන බවත් තවදුරටත් සහන ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අද (20)පාර්ලිමේන්තුවේ පැවසීය.

    තනි දොරේ බස්රථ හයසියයක් මිලදී ගැනීමට ඇණවුම් කර ඇතැයි පැවසූ අමාත්‍යවරයා, දිවයින පුරා සෑම අතුරු මාර්ගයකම එම බස්රථ යෙදවීමට බලාපොරොත්තු බව කිය.

    දුම්රිය බඩු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට වැඩපිළිවෙළක් අරඹා ඇති බව පැවසූ ඇමැතිවරයා, තෙල් සංස්ථාවේ තෙල් ප්‍රවාහනය මෙන්ම සිමෙන්ති හා වැලි ප්‍රවාහනයද දැනටමත් අරඹා ඇතැයි පැවසුවේය . තෙල් සංස්ථාවේ තෙල් ප්‍රවාහනය දුම්රියෙන් සියයට හැටක් පමණ සිදු කිරීමට ඉදිරියේ දී බලාපොරොත්තු වන බවද ප්‍රවාහන ඇමතිවරයා පැවසීය .

    රජය දුම්රිය දෙපාර්තමේන්තුව සහ ලංකා ගමනාගමන මණ්ඩලය සේවාවක් හැටියට පවත්වාගෙන යන බවද හෙතෙම සඳහන් කළේය .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya