අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතු කම්කරුවන්ට ලැබීය යුතු රැකවරණ හා සුභසාධනය වතුහිමියන් ලබාදීය යුතුයි- සෑම පළාත් කාර්යාලයකටම නීතිඥයෙක්- කම්කරු අමාත්‍ය

    ජූලි 20, 2021

    කම්කරු නීතිය යටතේ වතු කම්කරුවන්ට ලැබීය යුතු රැකවරණ හා සුභසාධනයන් වතු හිමියන් අනිවාර්යයෙන්ම ලබාදීය යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    සාකච්ඡා වාර රැසක් පවත්වා විසඳුමට නොපැමිණීම නිසා පඩි පාලක සභා මගින් එම වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කළ පසු, දැන් වතු සමාගම් කම්කරුවන්ගේ සුභසාධන කප්පාදු කරමින්,වෘත්තිය සමිති අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් දැඩි පළිගැනීම්වලට එම පිරිස් ලක් කර ඇති බවට පැහැදිලි සාක්ෂි ඇතිව වෘත්තීය සමිති නායකයන් චෝදනා කළ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, (15 දා) හපුතලේ හා බදුල්ලේ පැවති කම්කරු දෙපාර්තමේන්තු නිලධාරී හමුවේදීය.

    මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ,සාමාන්‍ය කම්කරු නීතිය යටතේ වතු කම්කරුවන්ට ලැබීය යුතු රැකවරණ හා සුභසාධනයන් වතු හිමියන් අනිවාර්යයෙන්ම ලබාදීය යුතු බවය.වතු සමාගම්වලට කම්කරු නීතිය උල්ලංඝනය කිරීමට ඉඩ දිය නොහැකි බව ද අමාත්‍යවරයා මෙහි දි අවධාරණය ක⁣ළේය.කම්කරුවන්ට හා වෘත්තිය සමිතිවලට වතු හිමියන් කරදර කිරීම නතර කළ යුතුයි.කම්කරුවන්ගේ සහ වෘත්තීය සමිතිවල අයිතිවාසිකම් රැකෙන පරිදි අදාල නීති සංශෝධනය කර එම නීති ශක්තිමත් කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. එසේම කම්කරුවන් සහ හාම්පුතුන් අතර සුහඳතාව රැක ගැනීමට දෙපාර්ශවයම කටයුතු කළ යුතු බව ද ඇමතිවරයා අවධාරණය ක⁣ළේය.
    එසේම අපට අනාගතයේ කොවිඩ්-19 සමඟ ජීවත්වීමට සිදු වන නිසා, කොවිඩ් නිසා කම්කරු අයිතිවාසිකම් හෝ කම්කරු සේවා යටපත් නොකළ යුතු බව ද ඇමතිවරයා පැවසීය.
    එසේම අධිකරණවල දි කම්කරු නඩු සඳහා ප්‍රමුඛත්වයක් දී විභාග ⁣ නොකෙරෙන නිසා එම නඩු විසදීමට දීර්ඝ කාලයක් ගත වන බව කම්කරු නිලධාරීන් ⁣මෙහි දි පෙන්වා දුන්නේය.
    මෙයට විසදුමක් ලෙස මෙම කම්කරු නඩු කම්කරු විනිශ්චය සභා වෙත යොමු කිරීමට අදාල පනත් සංශෝධනය කිරීමේ කටයුතු මේ වන විට කරගෙන යන බවත්,
    එසේම සෑම පළාත් කාර්යාලයකටම නීතිඥයෙක් පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා මෙහි දි පෙන්වා දුන්නේය.මෙසේ විසදීමට පමා වන නඩු අතර බහුතරය අර්ථ සාධක නඩු හා පාරිතෝෂිත නඩු බව නිලධාරිහු පෙන්වා දුන්හ.

    මෙම අවස්ථාවට කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ද එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya