මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජල සංචාරක නිවාස සහ ජල බංගලා සඳහා ඉදිකිරීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට

    ජූලි 20, 2021

    සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරිම සඳහා ජල සංචාරක නිවාස සහ ජල බංගලා සඳහා අනුමැතිය ලබා ගැනීමට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබේ.


    සංචාරක අමාත්‍යංශය මගින් ඉදිරිපත් කර තිබෙන මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය මඟින් කල්පිටියේ පිහිටි දූපත් ආශ්‍රිතව මෙම ජල සංචාරක නිවාස හා ජල බංගලා ඉදිකිරීම සඳහා යෝජනා කරයි.
    මේ වන විට මාලදිවයින, ඉන්දුනීසියාව, වියට්නාමය, මොරිෂස්, මෙක්සිකෝව, කාම්බෝජය, ෆීජි සහ යුරෝපයේ ප්‍රංශය, ස්විස්ටර්ලන්තය ඇතුළු රටවල් ගණනාවක සංචාරකයින්ගේ වැඩි ආකර්ශනයක් දිනා ගනිමින් මෙම ජල සංචාරක නිවාස හා ජල බංගලා ක්‍රමවේදය ක්‍රියාත්මක වෙයි.

    දූපත් ආශ්‍රිත නොගැඹුරු මුහුදු සීමාවේ ජලාශ්‍රිතව ගොඩනැගිලි ඉදිකර නවමු අත්දැකීමක් ලබා ගත හැකි ආකාරයෙන් පරිසර හිතකාමීව ජල සංචාරක නිවාස සහ ජල බංගලා ඉදිකරනු ලැබේ.
    ශ්‍රී ලංකාවේ කල්පිටිය සහ උතුරු අර්ධද්වීපය වැනි ස්ථානවල එවැනි ජල සංචාරක නිවාස හා ජල බංගලා ඉදිකර ප්‍රවර්ධනය කිරීමේ හැකියාව ඇති බව මේ වන විට හදුනාගෙන ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya