අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෝලීය සංස්කෘතික බාලදක්ෂ ජම්බෝරියට Virtual තාක්ෂණය ඔස්සේ ජනපති එක්වෙයි

    ජූලි 19, 2021

    මෙවර පැවැත්වෙන ගෝලීය සංස්කෘතික බාලදක්ෂ ජම්බෝරියට Virtual තාක්ෂණය ඔස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක්වෙයි.

    පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ඉතිහාසයේ ප්‍රථම වරට මෙම ජම්බෝරිය Virtual තාක්ෂණය ඔස්සේ දින තුනක් පුරා (16,17 සහ 18) ලෝකයේ රටවල් සියයක බාලදක්ෂයින් විසි දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

    “සංස්කෘතිකමය වශයෙන් එක ම බාලදක්ෂ ලෝකයක්” (Culturally One Scout World) යන තේමාව යටතේ පවත්වන ගෝලීය සංස්කෘතික බාලදක්ෂ ජම්බෝරිය තුළින් කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ නිවෙස්වලට වී සිටින බාලදක්ෂ සාමාජිකයන්ට සංස්කෘතිමය වශයෙන් නව්‍යකරණය වූ වැඩසටහන් රැසක් ඉදිරිපත් කිරීමට කටයුතු සලස්වා ඇත.
    අනාගතයේ සිදු විය හැකි දේශගුණික විපර්යාස, ගැටුම්, වසංගත, ජෛව විවිධත්වය අහිමි වීම්, පාරිසරික හායනය, ආහාර සුරක්ෂිතතාව සහ පිරිසිදු ජලය ලබාගැනීමට ඇති හැකියාව වැනි අභියෝග ජයගැනීමට ඊට උචිත කුසලතාවලින් තරුණ පරපුර සන්නද්ධ කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
    කොවිඩ් - 19 වසංගත තත්ත්වය අපගේ ජීවන රටාව වෙනස් කිරීමට බලකර ඇති පසුබිමක එය අභියෝගයක් සේ නො සලකා පවතින තාක්ෂණය භාවිතා කර බාලදක්ෂ ව්‍යාපාරය ලබාගත් ප්‍රවේශය සරල නමුත් ගැඹුරු ආදර්ශයක් ලබා දී තිබෙන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. විවිධ රටවල්වලට අනන්‍ය සංස්කෘතිකමය අගනාකම් ඇතුළත් “ගෝලීය සංස්කෘතික බාලදක්ෂ ජම්බෝරිය,
    ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී  (16) පස්වරුවේ ආරම්භ කළ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.
    ලෝකයේ විවිධ රටවල පවතින අනන්‍ය සංස්කෘතික වෙනස්කම් සහ හැඩගැසීම් සම්ප්‍රදයෙන් එකිනෙකාගෙන් ඉගෙන ගැනීමෙන් අනාගත ගෝලීය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අඩිතාලමක් බව ද ජනාධිපතිවරයා පැවසීය. වර්තමාන තරුණ ඔබ එකිනෙකා අතර ගොඩනඟා ගන්නා සම්බන්ධතා අනාගතයේ අවබෝධයෙන් යුතු ගෝලීය ස්ථාවරත්වයකට හේතුවන බව ද ජනාධිපතිවරයා විසින් පෙන්වා දුන්නේය.
    බාලදක්ෂ ඉතිහාසයේ ප්‍රථම වතාවට මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරිය සඳහා බාලදක්ෂයින් සහ බාලදක්ෂ නායකයින් විසිදහසක් ඉක්මවා ලියාපදිංචි වී ඇති බව ජම්බෝරි අනුශාසක ලෝක බාලදක්ෂ කමිටු සාමාජික නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.
    මෙම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා ලෙස ලෝක බාලදක්ෂ කමිටුවේ සභාපති කේග් ටර්පි (Craig Turpie) මහතා සහභාගී වූ අතර, ලෝක බාලදක්ෂ සංගමයේ ප්‍රධානීන්, සෙසු රටවල බාලදක්ෂ කොමසාරිස්වරුන් ඇතුළු ගෝලීය නායකයෝ ඊට එක් ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya