අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කඩිනමින් එන්නත්කරණය කරන රට බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වෙමින් තිබෙනවා- අමාත්‍ය නාමල් රාජපක්ෂ

    ජූලි 19, 2021

    දකුණු ආසියාවේ වේගවත්ව එන්නත්කරණය සිදුකළ රට වශයෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාව වාර්තා වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    ඇල්ල ප්‍රදේශයේ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට කොවීඩ් 19 එන්නත ලබාදීමේ කටයුතු නිරීක්ෂණයෙන් අනතුරුව (17) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ලෝකයේ තිබෙන හොදම කොරෝනා එන්නත් වර්ග භාවිතා කරමින් ඉතා කඩිනමින් එන්නත්කරණය කරන රට බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වෙමින් තිබෙන බවයි.

    අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන එන්නත්කරණ ක්‍රියාවලිය කඩිනම්ව හා ක්‍රමවත්ව සිදුකිරීමට අවශ්‍ය නිරන්තර සහයෝගය ලබාදීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සිදු කරණු ලබයි.

    ඒ අනුව දිවයින පුරා එන්නත්කරණය සිදුකරනු ලබන මධ්‍යස්ථාන වෙත ගොස් එම මධ්‍යස්ථානවල එන්නත්කරණ ක්‍රියාවලිය සිදුකරනු ලබන සෞඛ්‍ය අංශවල නිළධාරීන් සමග සාකච්ඡා කර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සොයා බලා එන්නත්කරණය නිසියාකාරව කරගෙන යාමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කිරීම මෙන්ම රට පුරා එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සදහා පැමිණෙන තරුණ ප්‍රජාව ඇතුලු ජනතාව දිරිමත් කිරීමට ද කටයුතු කරයි.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය. විශේෂයෙන්ම ජනාධිපති වරයාගේ උපදෙස් පරිදි සෑම දිස්ත්‍රික්කයකම එන්නත් කරන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. දකුණු ආසියාවේ වේගයෙන්ම එන්නත්කරණය කළ රට බවට ශ්‍රී ලංකාව අද පරිවර්තනය වෙලා තිබෙනවා. අනික් පැත්තෙන් ලෝකයේ දැනට පිළිගත් හොදම එන්නත් වර්ග භාවිතා කරන රට බවට අපේ රට පරිවර්තනය වෙලා තිබෙනවා.

    මෙම එන්නත් ඉතා ඉක්මනින් එන්නත්කරණය කිරීමට යොදා ගන්නා රට බවටත් ශ්‍රී ලංකාව පත් වෙලා තිබෙනවා. ඒ අනුව මේ වසංගත තත්ත්වයේ ව්‍යාප්තිය පාලනය කරනවා වගේම නැවත වතාවක් ජන ජීවිතය ආර්ථිකය දරුවන්ගේ අධ්‍යාපනය සමාජ ජීවිතය සාමාන්‍යකරණය කිරීම සදහා රජය පැත්තෙන් ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. ඒ අනුව ජනාධිපතිවරයාගේත් ආණ්ඩුවේත් විශේෂ අවධානය යොමුවෙලා තිබෙනවා සංචාරක ව්‍යාපාරය නැවත විවෘත කිරීමට.

    අපේ රට ලෝකයේ සංචාරකයින්ට නැවත වතාවක් විවෘත වෙනකොට ඇල්ල වැනි තවත් සංචාරක ප්‍රදේශ වල අති බහුතරයක් ඒ කියන්නේ ලක්ෂ තිහකට වැඩි පිරිසකට නැවත වතාවක් රැකියා අවස්ථා ඇති වෙනවා. BOI කර්මාන්තපුර වලට අනිකුත් කර්මාන්තශාලාවලට ආර්ථික කේන්ද්‍රස්ථානයක් වශයෙන් විදේශ විනිමය රටට ගෙන මධ්‍යස්ථානවලට ධීවර වරායවල් වලට එන්නත් කරන කිරීම ක්‍රියාත්මක කළා.

    ඒ වගේම අද වෙනකොට ඉතාමත් සාර්ථකව සංචාරක කේන්ද්‍රස්ථාන හඳුනාගෙන ඒවායේ එන්නත් එන්නත්කරණය කිරීමේ කටයුතු අපි ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව ඉදිරි කාලසීමාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරලා ගුවන්තොටුපල විවෘත කරන ගමන්ම මේ රටේ සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමට හැකියාව ලැබෙනවා. එමගින් මේ වගේ ප්‍රදේශවල ආර්ථිකය ශක්තිමත් කරන්න අපිට හැකියාව ලැබේවි.

    මේ වෙනකොට පළාත් අතර සංචාරක සීමා ක්‍රියාත්මක වුණත් දිස්ත්‍රික්ක අතර සංචාරන සීමා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා යම්කිසි ප්‍රවර්ධනයක් ඒ ප්‍රදේශවල දක්නට ලැබෙනවා. ඉදිරි සති කිහිපය ඇතුළත ජනාධිපතිවරයා කොවිඩ් කමිටුව මුණගැහිලා සාකච්ඡා කරලා සංචාරණ සීමා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ක්‍රියාමාර්ගයක් ගන්නවා.
    රට විවෘත කිරීමේ ක්‍රියාදාමය සිදුවන්නේ දේශපාලන හේතූන් මත නෙවෙයි. එම සියලු පියවර ගන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ක සාකච්ඡා කරලා ගන්නා වූ තීන්දු තීරණ මතයි. එන්නත්කරනය සාර්ථකව ක්‍රියාත්මක වෙනකොට රට ටිකෙන් ටික විවෘත කරන්න හැකියාව ලැබෙයි කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය අපට දැනුම් දීලා තිබුණා.
    දැන් මේ වෙනකොට ඉතාමත් සාර්ථකව එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඉදිරි මාස දෙකක් ඇතුලත වයස අවුරුදු 30 ට වැඩි සියලුම දෙනාට එන්නත් ලබාදෙන්න අපට හැකියාව ලැබෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය සහ ආර්ථික වශයෙන් කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන ස්ථානවල සේවය කරන වයස අවුරුදු 18 ට වැඩි අයටත් එන්නත්කරණය කිරීමට හැකියාව ලැබෙයි''යැයි පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya