මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "අපේ වෙඳමහත්තයා" වෙබ් අඩවිය සහ "සුවධරණී" ත්‍රෛමාසික ජාත්‍යන්තර සඟරාව එළිදැක්වෙයි

    ජූලි 18, 2021

    දේශීය වෙඳකම නංවාලන "අපේ වෙඳමහත්තයා" වෙබ් අඩවිය සහ "සුවධරණී" ත්‍රෛමාසික ජාත්‍යන්තර සඟරාව එළිදැක්වෙයි...

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යතාර්ථයක් කරමින් නිරෝගිමත් ශ්‍රී ලාංකීය ජනතාවක් බිහිකරලීමේ උදාර වූ අරමුණ පෙරදැරිව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනූව එම අමාත්‍යංශය මගින් නිර්මාණය කළ "අපේ වෙදමහත්තයා" වෙබ් අඩවිය සහ "සුවධරණී" ත්‍රෛමාසික ජාත්‍යන්තර සඟරාව එළිදැක්වීම අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, සිසිර ජයකොඩි, බන්දුල ගුණවර්ධන, රමේෂ් පතිරණ, දිනේෂ් ගුණවර්ධන යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (16) අරලියගහ මන්දිරයේ දී සිදුකෙරිණි.

    '''අපේ වෙඳමහත්තයා '' වෙබ් අඩවිය මගින් අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ දේශීය වෛද්‍ය ක්‍රම ජනතාව අතර ප්‍රචලිත කිරීම සහ දේශීය පාරම්පරික හා ආයුර්වේද වෛද්‍යවරුන් පිළිබද ඔවුන් විශේෂතාවයක් සහ වැඩි හැකියාවක් මෙන්ම ප්‍රවණතාවයක් දක්වන වෛද්‍ය ක්‍රම පිළිබදව වර්ගීකරණය කර වඩා පහසුවෙන් ජනතාව වෙත තොරතුරු ළගාකර දීමෙන් ජනතාවට සුදුසු වෛද්‍යවරුන් වෙත යොමු වීමට අවශ්‍ය පහසු මගපෙන්වීම සළසා දී තිබේ.

    එමෙන්ම ගෝලීය සෞඛ්‍ය හා සෞඛ්‍ය තාක්ෂණික ප්‍රවණතාවයන් උරෙන් උර ගැටෙමින් ලොව පුරා ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම උදෙසා පාරම්පරික හෙළ වෙදකම හා ආයුර්වේදීය වෙදකම ඇතුළු දේශීය වෛද්‍ය ක්‍රමයන් අප රටට සීමා නොවී ජාත්‍යන්තරය කරා රැගෙන ගොස් ලොව පුරා ප්‍රචලිත කර ඔවුන්ගේ ආකර්ෂණය සහ අවධානය ලබාගැනීමේ අරමුණෙන් මුද්‍රණය කළ ත්‍රෛමාසික ජාත්‍යන්තර "සුවධරණී" සඟරාවෙහි පළමු කලාපයද එළිදැක්වීම මෙහිදී සිදුවිය.

    දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යයේ ලේකම් කුමාරි වීරසේකර, ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya