මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කම්කරු සමාජ ආරක්ෂණ අරමුදල අදාළ ලියවිල්ල සැකසීමට ⁣⁣කමිටු තුනක්

    ජූලි 18, 2021

    මෙරට විශ්‍රාම වැටුප් අහිමි අර්ධ රාජ්‍ය,පෞද්ගලික අංශයේ හා අවිධිමත් සේවා අංශයේ සේවයේ නියුතු වූවන් සඳහා වන සමාජ ආරක්ෂණ අරමුදලක් සැකසීමේ මූලික ලියවිල්ල සැකසීමට  වෘත්තීය සමිති ,සේව්‍ය සම්මේලනය සහ රජය පාර්ශවය නියෝජනය කරමින් ⁣⁣ත්‍රෛපාක්ෂික කමිටුවක් පිහිටුවයි.

    කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ  පැවති ජාතික කම්කරු උපදේශක සභාව සභා රැස්වීමේදී මෙම කමිටුව පිහිටුවනු ලැබීය. කම්කරු අමාත්‍යාංශයේ  ජේෂ්ඨ සහකාර  ලේකම් බී.වසන්තන් මහතා එහි කැඳවුම්කරු ලෙස අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබීය.

    මෙම සමාජ ආරක්ෂණ අරමුදල තුළින් මේ රටේ සමාජයේ විසිරී සිටින වයෝවෘද්ධ සමයේ ආර්ථික  සුරක්ෂිතතාවයක් නොලැබෙන  පුරවැසියන් වෙනුවෙන් මෙම සමාජ ආරක්ෂණ අරමුදලේ  ප්‍රතිලාභ  තුළින් ඔවුන්ට යම් ආර්ථික වශයෙන් ශක්තියක්  ලබාදීම ප්‍රධාන අරමුණ බව අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

    එහි ප්‍රධාන ප්‍රතිපත්තිමය රාමුව සකස් කිරීමටත්,ඉන්පසුව එහි සංකල්පීය පදනම ගොඩනැගීමත් මෙම කමිටුවට පැවරෙන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

    එම සමාජ ආරක්ෂණ අරමුදල කෙසේ සකස් විය යුතු ද, එහි ප්‍රතිලාභී කවුරුන් විය යුතු ද, එහි ප්‍රතිලාභ මොනවා විය යුතු ද යනාදි වශයෙන් පළල් සීමාවක සිට එම සංකල්ප පත්‍රිකාව සකස් කරන ලෙස අමාත්‍යවරයා මෙහි දී ඉල්ලා සිටියේය.මෙම සමාජ ආරක්ෂණ අරමුදල රජයේ යෝජනාවක් වුව ද එහි කටයුතුවල ව්‍යුහය සකස් විය  යුත්තේ මේ රටේ වැඩකරන පන්තියේ නියෝජිතයන් වන වෘත්තී සමිති නියෝජිතයන්ගේ  සහ සේව්‍ය සම්මේලනයේ  සාමූහික  අදහස් මත බව අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

    මෙහිදී අදහස් දැක් වූ සේව්‍ය සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් මංගල පී.බී. යාපා මහතා ප්‍රකාශ කළේ මෙම යෝජනාවට සේව්‍ය සම්මේලනය සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවය. මෙවැනි අරමුදලක් පැවතීම ඉතාමත්ම යහපත් බවත් , ඒ තුළින් කම්කරුවාගේ අනාගත සුරක්ෂිතභාවය ඇති කිරීම ඉතා වැදගත් පියවරක් බවය.

    මේ පිළිබඳව මූලික වශයෙන් වුර්තීය සමිති සහ සේවය සම්මේලනය සකස් කර ඇති ලියවිල්ලක් ඇති බව මෙහි දී ප්‍රකාශ වූ අතර එම ලියවිල්ල මෙම කමිටු ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.මෙය පහසු සහ කඩිනමින් කළ හැකි කාර්යයක් නොවන බවත් ඒ සඳහා ගත යුතු නීතිමය හා ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග රැසක් ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.අමාත්‍ය  ජීවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ,මෙම සමාජ ආරක්ෂණ අරමුදල සැකසීමේදී වතු කම්කරු ජනතාවගේ නියෝජනයක් ද ලබාගන්නා ලෙසයි .

    වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහසක් කිරීමෙන් පසු වතු හාම්පුතුන් සහ කළමනාකරුවන් වතු කම්කරුවන්ට ඉතාමත්ම හිංසාකාරී ලෙස සලකන බව මෙහි දී වතුකම්කරු නායකයෝ පෙන්වා දුන්හ.
    විශේෂයෙන් වතු කළමනාකරුවන් නඟන   විවිධ චෝදනා මත වතු කම්කරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබන බව ද ඔවුහු පෙන්වා දුන්හ.එසේම තාවකාලිකව වත වතු සේවකයන් තාමත් ගෙවනු ලබන්නේ රුපියල් 750ක දෛනික වැටුප් අත් බව ද ඔවුහු පෙන්වා දුන්හ.මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ වතු වතු කම්කරුවන්ට මෙසේ අනීතිකව සලකන්නේ නම් තමන්ට වතු හාම්පුතුන් වෙනුවෙන් මැදිහත් විය නොහැකි බවය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ,හිටපු පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන්,වසන්ත සමරසිංහ ,ලෙස්ලි දේවේන්ද්‍ර,සිල්වෙස්ටර් ජයකොඩි,ලීනස් ජයතිලක ඇතුළු  වෘත්තිය සමිති නායකයෝ රැසක් මෙම සාකච්ඡාවට එක් වූහ .

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya