අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඕස්ට්‍රේලියාවෙන් මෙරටට බහුදින යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක්

    ජූලි 17, 2021

    සමුද්‍රීය ආරක්ෂාව සඳහා ඉවහල් වන බහුදින යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාවට ප්‍රදානය කරයි.

    නීති විරෝධි මසුන් ඇල්ලීම වැළැක්වීම, දේශ සීමා හා ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව, යාත්‍රා මගින් කෙරෙන මිනිස් සහ මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම, අනතුරට පත්වන යාත්‍රා හඳුනාගෙන, ධීවරයන් මුදා ගැනීමට මෙම නිරීක්ෂණ පද්ධතිය බෙහෙවින් ඉවහල් වනු ඇතැයි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා සඳහන් කළේය.

    යාත්‍රා වල සවි කෙරෙන සම්ප්‍රේෂක (Transponders) 4200ක්, නිරීක්ෂණ මධ්‍යස්ථානයක් සඳහා වු උපාංග හා සැටලයිට් තාක්ෂණ පහසුකම් සහිත නිරීක්ෂණ පද්ධතියේ වටිනාකම ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 5.38ක් වන අතර යාත්‍රා නිරීක්ෂණ මධ්‍යස්ථානය ධීවර ජලජ සම්පත් දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවීමට නියමිතය.

    මෙහි පළමු සම්ප්‍රේෂක (Transponders) කට්ටලය ඊයේ (16) ජනාධිපති කාර්යාලයේ දී ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සංකේතාත්මකව භාර දෙනු ලැබිණ.

    2015 වසරේදී සවිකර, මේ වන විට අක්‍රීයව පවතින මෙවැනි සම්ප්‍රේෂක 1,250ක් බහුදින යාත්‍රා සතුය. එම යන්ත්‍ර යාවත්කාලීන කිරීමට සහාය වන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා කළ ඉල්ලීම ඉටු කිරීම කෙරෙහි මහ කොමසාරිස්වරයාගේ අවධානය යොමු විය.

    ජනතාව කේන්ද්‍ර කරගත් ආර්ථික ප්‍රතිපත්තිය ශක්තිමත් කරගනිමින් ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුව මත්ස්‍ය හා ධීවර ආශ්‍රිත අපනයන ක්‍රියාවලිය ඉහළ නැංවීමට මෙම නිරීක්ෂණ පද්ධතිය බෙහෙවින් ඉවහල් වනු ඇතැයි සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධානී සරත් දාස් මහතා විසින් සඳහන් කරනු ලැබිණ.

    සුවිශේෂී භූගෝලීය පිහිටීමක ඇති ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාවට නිරීක්ෂණ පද්ධතියේ ඇති වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබීය. එමෙන්ම ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහාය පිළිබඳව ජනාධිපතිතුමා සිය ස්තූතිය පළ කළේය.

    විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරු, අමාත්‍යංශ ලේකම්වරු, ආරක්ෂක අංශ ප්‍රධානීහු, ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් කාර්යාලයේ සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya