අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර් පළාත් සියලුම බස්රථ හා දුම්රිය ධාවනය හෙට සිට අත්හිටුවීමට පියවර - ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය  

    ජූලි 16, 2021

    කොවිඩ් කමිටුවේ තීරණයකට අනුව හෙට (17) සිට අගෝස්තු 01 වන දින දක්වා අන්තර් පළාත් සියලුම බස්රථ හා දුම්රිය ධාවනය අත්හිටුවන බවත්, එහෙත්
    පළාත තුළ ධාවනය වන දුම්රියයන් සහ බස්රථ ඒ ආකාරයෙන්ම ප්‍රවාහන කටයුතු සිදු කෙරෙන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (16) ප්‍රකාශ කළේය.

    එමෙන්ම, අධිවේගී මාර්ගවල බස්රථ ධාවනය ද නැවත අගෝස්තු පළවන දින ධාවනය ආරම්භ කරන තුරු හෙට සිට ධාවනය නතර කෙරේ.
    කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය අනිත් ප්‍රදේශ වලට සාපේක්ෂව කොළඹ දිස්ත්‍රික්කය තුළ දක්නට ලැබෙන නිසා අත්‍යවශ්‍ය නොවන මඟීන්ගේ ගමනාගමනය මඟින් අන්තර් පළාත් තුළට ද ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් පෙන්වා දී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

    පවත්නා වසංගත තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අංශ විසින් දැඩි ලෙස පැහැදිළි කිරීමෙන් අනතුරුව පසුගිය දින කිහිපය තුළ අත්‍යවශ්‍ය කාරණා සඳහා ගමන් ගන්නා මඟීන් වෙනුවෙන් පමණක් සීමිත බස් රථ සහ දුම්රියයන් ධාවනයට අවසර ගෙන පියවර ගෙන තිබුණ ද, අත්‍යවශ්‍ය කාරණා වලට වඩා අත්‍යවශ්‍ය නොවන කාරණා සඳහා වැඩි පිරිසක් ගමන් කරන බව ඊයේ සහ පෙරේදා දිනවල දී පොලීසිය විසින් කරන ලද රථ පරික්ෂා කිරීම් වලින් තහවුරු වී ඇති බව වාර්තා වී ඇති බවත්, එලෙස වැඩි පිරිසක් ගමන් ගත් බස්රථ කිහිපයක් පොලිසිය මඟින් ආපසු හරවා යැවීමට කටයුතු කර ඇති බවත් දිලුම් අමුණුගම මහතා මෙහි දී සඳහන් කළේය.

    ඒ අනුව අගෝස්තු මස පළවන දා (01) සිට යම් බස්රථ ප්‍රමාණයක් අත්‍යවශ්‍යම කාරණා සඳහා ධාවනය කිරීමට සෞඛ්‍ය අංශ විසින් අවසර ලබා දී ඇති අතර ඒ අනුව ධාවනයේ දී යෙදවෙන බස්රථ සංඛ්‍යාව සීමා කිරීමට ද උපදෙස් දී ඇති දී ඇති බව ද කියා සිටි හෙතෙම හෙට දිනයේ දී (17) මේ වන තෙක් සීමිතව ධාවනය කළ බස්රථ හා දුම්රිය ධාවනය අත්හිටුවීමට පියවර ගන්නා බව කියා සිටියේය.

    ඒ අනුව ඉදිරි සති දෙක තුළ කොළඹ නගරයේ වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත්කරණය ලබා දී අවසන් කිරිමට කටයුතු කිරීමට හැකිවනු ඇතැයි ද, එමඟින් පැතිරෙන කොවිඩ් ප්‍රභේද වලින් වන අවදානම අවම වනු ඇති බව ද අද දින රැස් වූ කොවිඩ් කමිටුව මඟින් සඳහන් කළ බව කියා සිටි රාජ්‍ය අමාත්‍යවරයා, මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ වසංගත තත්ත්වයෙන් මිදීම සහ එන්නත්කරණය කඩිනම් කිරීම මඟින් රට සම්පුර්ණයෙන්ම විවෘත කිරීම බව ද කියා සිටියේය.

    එමෙන්ම, බවත් ඉදිරි සති දෙකක කාලය තුළ බස්රථ හිමියන්ගෙන් සහ බස්රථ සේවකයින්ගෙන් අවශ්‍ය සහාය ඉල්ලා සිටින බවත්, එම සති දෙකක කාලය වෙනුවෙන් යම් සහන ප්‍රමාණයක් ලබා දීමටත් බලාපොරොත්තුවෙන බවත්, මේ වන විට ඒ සම්බන්ධයෙන් යම් සාකච්ඡා කිහිපයක් ආරම්භ කොට ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya