අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ගංවතුර පාලනය කිරීමට පියවර රැසක්

    ජූලි 16, 2021

    අධික වර්ෂාවක් පවතින කාලවල වැසි ජලයෙන් සහ පිටාර ගලන කැලණි ගගේ ජලයෙන් යටවෙන කොළඹ නගරය, මෙවර පැවැති වැසි සමයේදී යට නොවී තිබීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය,  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ගංවතුර පාලනය සඳහා සකස්කර ක්‍රියාත්මක කිරීමට දුන් සැලසුම් සහ උපදෙස් හේතුවූ බව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ප්‍රකාශ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය අවධාරණය කරයි.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය,  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් කොළඹ අගනගර ප්‍රදේශවල අධික වර්ෂාව හේතුවෙන් සිදුවන අහිතකර භෞතික හා සමාජයීය බලපෑම් අඩුකිරීම, යටිතල පහසුකම් හා සෞඛ්‍ය සේවා සැපයීම මෙන් ම පළාත් පාලන ආයතනවල හැකියාවන් වර්ධනය කිරීම වෙනුවෙන් මෙම සැලසුම ක්‍රියාවට නැංවීමෙන් මෙවර කොළඹ නගරය යට නොවී ගංවතුර පාලනය වීමට හේතු වූ බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් පෙන්වා දෙයි.


    ඒ අනුව ක්‍රියාත්මක කළ මෙම සැලසුම ශාන්ත සෙබස්තියන් උතුරු ඇළ මාර්ගයේ වැසි ජල පොම්පාගාරය සහ ජල අගුළු දොරටුව ඉදිකිරීම යන ව්‍යාපෘති නමින් හදුන්වා දී තිබිණ.
    නාගලගම් වීදිය අසල ශාන්ත සෙබස්තියන් උතුරු ඇළ මාර්ගයේ ගංවතුර පාලනය කිරීම එහි තවත් ව්‍යාපෘතියක් බවට පත්ව තිබිණ.

    ලෝක බැංකුවේ සහනදායී ණය සහ ශ්‍රී ලංකා රජයේ අරමුදල්වලින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.
    චයිනා - ජියෝ ඉන්ජිනේරු සමාගම කොන්ත්‍රාත්කරුවන් වන අතර, මෙම වැඩපිළිවෙළේ ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය කිරීම සහ පසු විපරම් කටයුතු ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ දකුණු කොරියානු දෝවා ඉන්ජිනියරින් සමාගම විසින් සිදු කරනු ලබයි.

    ශාන්ත සෙබස්තියන් උතුරු ඇළ මාර්ගයේ වැසි ජල පාලන ව්‍යාපෘතිය, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් ක්‍රියාත්මක කරන කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන උප ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක වේ.

    මෙම උප ව්‍යාපෘතිය අරමුණු දෙකක් යටතේ ක්‍රියාත්මකයි.

    කැලණි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ගංවතුර පාලන දොරටු වසා ඇති විට අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නාගරික ප්‍රදේශයේ ඇතිවන ජල ගැලීම් තත්ත්වය පාලනය කිරීමට තත්ත්පරයට ලීටර 30,000 ක උපරිම ධාරිතාවයකින් කැළණි ගඟට ජලය පොම්ප කිරීම එක් අරමුණකි.

    කොළඹ උතුරු ඇළ මාර්ග පද්ධතියේ ජලය අඩු හා එහි ගුණාත්මකභාවය පහළ ගිය අවස්ථාවල ඇළ මාර්ග පද්ධතිය පිරිසිදු කර ජලයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා තත්ත්පරයට ලීටර 12,000 ක උපරිම ධාරිතාවයකින් ශාන්ත සෙබස්තියන් උතුරු ඇළ මාර්ගය හරහා කොළඹ උතුරු ඇළ මාර්ග පද්ධතියට කැළණි ගඟෙන් ජලය පොම්ප කිරීම එහි අනෙක් අරමුණයි.
    ව්‍යාපෘතියේ ප්‍රධාන වැඩ කොටස් අංශ 04 කට බෙදා වෙන් කර තිබේ.

    එනම් කොළඹ නාගරික ප්‍රදේශයේ ඇතිවන ජල ගැලීම් තත්ත්වය පාලනය කිරීමට තත්ත්පරයට ලීටර 30,000 ක උපරිම ධාරිතාවයකින් කැළණි ගඟට ජලය පොම්ප කිරීම, ගංවතුර පාලන දොරටුව පුළුල් කොට ඉදි කිරීම,

    පොම්පාගාරය සහ කැලණි ගඟ අතර ඇළ ඉවුරු නවීකරණය කොට නඩත්තු කටයුතු සඳහා ප්‍රවේශ මාර්ගයක් ඉදි කිරීම, කොළඹ උතුරු ප්‍රදේශයේ ඇළ මාර්ග පද්ධතියේ ජලය අඩු හා එහි ගුණාත්මකභාවය පහළ ගිය අවස්ථාවල ඇළ මාර්ග පද්ධතිය පිරිසිදු කර ජලයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා තත්ත්පරයට ලීටර් 12,000 ක උපරිම ධාරිතාවයකින් ශාන්ත සෙබස්තියන් උතුරු ඇළ මාර්ගය හරහා කොළඹ උතුරු ඇළ මාර්ග පද්ධතියට කැලණි ගඟෙන් ජලය පොම්ප කිරීමට අවශ්‍ය පහසුකම් නිර්මාණය කිරීම වේ.

    මෙහි ආරම්භක ස්ථානය නාගලගම් වීදීය අසල ශාන්ත සෙබස්තියන් උතුරු ඇළ මාර්ගයේ ගංවතුර පාලන බැම්ම වන අතර, අවසාන ස්ථානය ලෙස කැලණි ගඟ දක්වා ඇත.

    මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2021 සැප්තැම්බර් මාසයෙන් අවසන් කිරීමට නියමිතයි.

    ශාන්ත සෙබස්තියන් උතුරු ඇළ මාර්ග ව්‍යාපෘතිය සඳහා සමස්ථ වියදම ලෙස රුපියල් මිලියන 2,569 ක් වෙන්කර තිබේ.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් මෙම ඉදිකිරීමේ කටයුතු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා යන මහත්වරුන් විසින් මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය කරනු ලබයි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya