අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කටුනායක ගුවන්තොටුපල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ඉදිරි වසර තුන ඇතුළත ජනතා අයිතියට පත් කරනවා- සංචාරක අමාත්‍ය

    ජූලි 16, 2021

    මෑත කාලීනව ශ්‍රී ලංකාවේ ආරම්භ කළ විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියරේ ඉදිකිරීම්
    කටයුතු වල ප්‍රගතිය පසුගිය 13 දින සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිරීක්ෂණයට ලක් විය

    යහපාලන රජයේ අදූරදර්ශී පාලනය හේතුවෙන් ප්‍රමාදයට ලක්වූ මෙම ව්‍යාපෘතිය ඉදිරි වසර තුන ඇතුළත ජනතා අයිතියට පත් කරන බව එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය.

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වර්තමාන මගීන් හැසිරවීමේ ධාරිතාව වසරකට මගින් මිලියන 06 ක් වන අතර අලුතින් ඉදිවන දෙවන මගී පර්යන්තය මගින් වාර්ෂිකව හසුරුවන මගින් සංඛ්‍යාව මිලියන 15ක් දක්වා වැඩි කිරීම නව ව්‍යාපෘතියේ අරමුණයි.

    ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ ගුවන්තොටුපළේ ආරක්ෂාව කාර්යක්ෂමතාවය සහ පාරිභෝගික සේවා පුළුල් කෙරෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය. ගුවන්තොටුපල පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපන් රජයෙන් යෙන් මිලියන 74313 ක ණය මුදලක් ලබාදී ඇති අතර එහි පළමු අදියර සඳහා රජය වැය කරන මුදල රුපියල් බිලියන 108කි.
    පළමු අදියර යටතේ දෙවන මගී පර්යන්ත ගොඩනැගිල්ල හා ඊට සම්බන්ධ ගොඩනැගිලි , මගී පාලම් , උස් කරන ලද මාර්ග, විදුලි බලය ,ජල සැපයුම් සහ අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතිය, දහන යන්ත්‍ර සහ සංයුක්ත යන්ත්‍රෝපකරණ ඇතුළත්ව මහල් පහකින් යුක්ත රථගාලක් ද ඉදිකිරීමට නියමිතව තිබේ.

    මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ දුරස්ථ යාත්‍රාංගණය සහ බැහෑලුම් පථ ඉදිකිරීම් කටයුතු ලබන සැප්තැම්බර් මාසය වන විට අවසන් කිරීමට නියමිත අතර , ප්‍රවේශ මාර්ගය , රැඳවුම්
    පොකුණ, සහ වැසි ජල අපහරණ පද්ධතිය වැනි යටිතල පහසුකම් සංවර්ධන කටයුතු වලින් 80% පමණ මේ වන විටත් අවසන් කර ඇත.
    ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් බිලියන 6 කි. මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා- ගුවන් තොටුපලේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු වසර තුනකින් අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

    රටේ පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ගුවන් තොටුපළ වසා දැමීම නිසා යම් යම් ප්‍රමාදයන් ඇති වුණත් නියමිත කාලයට ව්‍යාපෘතිය අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
    2014 වසරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ කාලයේ දී මෙම ව්‍යාපෘතිය ආරම්භ කළා.එය අවසන් කිරීමට නියමිතව තිබුණේ 2018 වසරේ. පසුගිය යහපාලන රජයේ අදුරදර්ශී වැඩපිළිවෙළ නිසා මෙම ව්‍යාපෘතිය ප්‍රමාද වුණා. වර්තමාන රජය බලයට පත්වීමෙන් අනතුරුව අලුත් කැබිනට් පත්‍රිකාවක් තුළින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරලා ඉදිකිරීම් කටයුතු කරගෙන යනවා.

    සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා -
    ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ගේ මැදිහත් වීමෙන් එන්නත් කරන වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කරලා රටේ ජනගහනයෙන් සියයට හැටකට එන්නත් කරනය කිරීම නොවැම්බර් මාසේ අග වෙනකොට අවසන් කරනවා.

    අවුරුදු 30ට වැඩි බස්නාහිර පළාතේ සියලු දෙනාට එන්නත ලබා දීලා සංචාරක ක්ෂේත්‍රයේ සියලු දෙනාටත් එන්නත ලබා දෙන්න මේ වෙනකොට කටයුතු කරමින් තිබෙනවා. සංචරණ සීමා ලිහිල් කිරීම හරහා ඉදිරියේදී සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට පටන් ගන්නවා. මේ වෙනකොටත් දවසකට සියයක් පමණ ප්‍රමාණයක් සංචාරකයින් පැමිණෙමින් සිටිනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya