අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහඉලුප්පල්ලම හා ඉපලෝගම ප්‍රදේශවල ජනතාවට ජල පවිත්‍රාගාර ව්‍යාපෘතිය ඇරඹේ

    ජූලි 15, 2021

    අනුරාධපුර දිස්ත්‍රික් - පාර්ලිමේන්තු මන්ත්‍රී ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ සංකල්පයකට අනුව උතුරු මැද ගොවි ජනතාවට කාලයක් පුරා පවතින ගැටළුවක් වන පිරිසිදු පානීය ජලය නිසි ක්‍රමවේදයකට අනුව ලබා දීම පිණිස “නිල් දියවර” නම් පානීය ජල ව්‍යාපෘතිය ආරම්භ විය.

    මෙම ව්‍යාපෘතිය යටතේ කලා වැව ආසන්නයේ මහඉලුප්පල්ලම හා ඉපළෝගම ප්‍රදේශවල ජල පවිත්‍රාගාර ඉදිකිරීමේ කටයුතු ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පසුගියදා ආරම්භ කළේය.

    මෙමගින් එම ප්‍රදේශ වල ගොවි පවුල් 1200ට පමණ පානීය ජලය ලැබෙන අතර, එම ව්‍යාපෘතිය සඳහා රු ලක්ෂ 30ක පමණ මුදලක් වැයවේ.

    මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya