අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සදහා අධිකරණ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකගත්වය

    ජූනි 25, 2021

    පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට නියමිත අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත මෙන්ම වධදීමට සහ අනිකුත් කෲර, අමානුෂික හෝ නින්දිත සැළකීමට හෝ
    දඩුවම්වලට එරෙහි වූ සම්මුතිය (සංශෝධන) පනත් කෙටුම්පත සදහා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ සභාපතීත්වයෙන් (22) රැස්වූ අධිකරණ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකගත්වය හිමිවිය.


    පසුගිය අප්‍රේල් 24 වන දින පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සහ පසුගිය ජූනි 08 වන දින සභාගත කරන ලද 1994 අංක 22 දරන වධදීමට සහ අනිකුත් කෲර, අමානුෂික හෝ නින්දිත සැළකීමට හෝ දඩුවම්වලට එරෙහි වූ සම්මුතිය (සංශෝධන) පනත් කෙටුම්පත සදහා මෙලෙස කාරක සභාවේ එකඟත්වය හිමිවිය.

    පවතින කොවිඩ් තත්ත්වය හමුවේ සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව රජයේ නිලධාරීන් රැස්වීම සඳහා මාර්ගගත ක්‍රමයට (Online) සම්බන්ධ කර ගැනීම සිදුවිය. රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya