අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිනිසුන්ගේ ජීවිත රැක ගන්නා අතරම ජීවිනෝපායන් ආරක්ෂා කරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ අභියෝගයට මුහුණ දී සිටිනවා

    ජූනි 24, 2021

    මිනිසුන්ගේ ජීවිත රැක ගන්නා අතරම ජීවිනෝපායන් ආරක්ෂා කරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ අභියෝගයට රජය මුහුණ දී ඇතැයි මුදල් , ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේ දී (23) පැවැසීය.

    මිනිසුන් ගේ ජීවිත හා ජීවනෝපාය යන දෙකම රැක ගැනීම මෙම අවස්ථාවේ අසීරු කාර්යයක් බවත් ඒ සඳහා රජය විපක්ෂයේ සහාය ඉල්ලා සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    වත්මන් රජය බාර ගත්තේ අගාධයට ඇද දමා තිබූ ආර්ථිකයක් බව පැවසූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා රජයට අද සියල්ල කිරීමට සිදුවී ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන හතක් සමග යැයි ද ප්‍රකාශ කළේය.
    කොවිඩ් පාලනයට අමතර මුදල් අවශ්‍යවී ඇති බවත් සියලු කටයුතු කරද්දී ජනතාවට ණය සහන ලබාදී ඇති බවත් ඔහු පැවසුවේය.

    රජය ලබා දුන් සහණ සඳහා රජය බැංකුවලට රුපියල් කෝටි තුන්ලක්ෂ හතළිස් එක් දහසක් ලබා දී ඇතැයි පැවසූ කබ්රාල් මහතා රට ආර්ථිකමය පැත්තෙන් වර්ධනය වී ඇත්තේ ඒ සහන නිසා බවද සඳහන් කළේය.

    සෞභාග්‍යා ණය යටතේ ජනතාවට බිලියන මිලියන 160 ක් ලබා දී ඇතැයිද ඔහු පැවසුවේය. දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ වූ යෝජනාව පිළිබඳ විවාදයට ඒක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ පාලිමේන්තුවේදී මේ බව සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya