මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරිභෝගිකයන්ට සහන මිළට සහල් ලබා දීමට ඉදිරියේ දී සහල් ආනයනය කිරීමට සූදානම්- කෘෂිකර්ම අමාත්‍ය

    ජූනි 22, 2021

    වෙළෙඳපොළ සහල් මිළ ගණන් ඉතා ඉහළ බවත් පාරිභෝගිකයන්ට සහන මිළට සහල් ලබා දීම සඳහා ඉදිරියේදී රජය, සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද(22) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

    පසුගිය යල , මහ කන්න වලදී මෙරට නිෂ්පාදනය කළ වී ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන්මිලියන 05ක් බවත් සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 30ක් මෙරට නිෂ්පාදනය කළද තවත් අතිරික්තයක් ඇති බවත් රජය වී මිලදී ගනිමින් සහල් මාෆියාව කැඩූ බවත් මෝල් හිමියන් සහල් තොග සගවා ගැනීම මීට හේතු වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒක් වී කිලෝවකින් රුපියල් 20ක් 30ත් අතර මුදලක් ලාභ ලබන බව කී අමාත්‍යවරයා වෙළෙඳ පොළ සහල් මිල ඉහළ බැවින් මෙසේ ආනයනය කිරීමට තීරණය කළ බව කීය.

     පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පෙරේරා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    එළඹෙන මහ කන්නයේ සිට කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර භාවිතාය ක්‍රියාත්මක වන බවත් කාබනික පොහොර භාවිතා කළා යැයි නිෂ්පාදනයේ කිසිම අඩුවක් සිදු නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya