අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙල්ටා ප්‍රභේදය විශේෂ පී සී ආර් පරීක්ෂණ සිදුකිරීමෙන් හදුනාගත්තා - කොළඹ නගරසභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි

    ජූනි 22, 2021

    අසල්වැසි ඉන්දයාව තුළ විශාල වශයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් ඉහළ යාමත් සමග මොනයම් හෝ මොහොතක ඩෙල්ටා ප්‍රභේදය කොළඹට ඇතුළුවිය හැකි බව දැනසිටි බවත්, ඒමනිසා දෙවන රැල්ලෙන් වැඩියෙන් රෝගීන් වාර්තා වුණු ප්‍රදේශ වල විශේෂ පී සී ආර් පරීක්ෂණ ක්ෂේත්‍රය තුළ සිදුකිරීමෙන් ඒය හදුනාගැනීමට හැකිවූ බවද කොළඹ නගරසභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පැවසුවේය.

     

    ඔහු මේ බව පැවසුවේ  (21) දින  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී කොවිඩ් සම්බන්දව පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. මෙහිදී ප්‍රධාන වශයෙන් අරමුණ වූයේ පළමුපෙළ ආශ්‍රිතයින් සොයාගනිමින් ඒම පළමුපෙළ ආශ්‍රිතයින් තුළින් ආසාදිතයින් මතුකර ගනිමින් අලුත් ස්ථාන සොයා යමින් ඒම ස්ථාන වලින් රෝගීන් සිටීදැයි සොයාගැනීම බවද, මෙහි සෘජු ප්‍රතිඵලයක් වශයෙන් ඒක් දිනයක සිදුකරන ලද ආවේක්ෂණ කටයුතු සහ පළමුපෙළ ආශ්‍රිතයින් පරීක්ෂා කිරීමකදී ලබාගත් සාම්පල පරීක්ෂණ කටයුතු සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට යැවූ පසු යම් සැක සහිත සාම්පල ඒ්වා අතර පවතින බවට තොරතුරක් වාර්තා වුණු බව වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසුවේය.

    දෙමටගොඩ ආරාමය පෙදෙස ඉතාමත් ජනාකීර්ඵණ ප්‍රදේශයක් බවද, මෙම ප්‍රදේශය හරහා වනාතමුල්ල, කොලොන්නාව ආදී අවට ඇති ප්‍රදේශ සදහා ඉතාම ඉක්මණින් ඇතුල් වීමට සහ පිටවීමට හැකියාව පවතින බවද, දෙවන රැල්ලේදීද මෙම ආරාමය ප්‍රදේශය අධි අවධානම් ප්‍රදේශයක් වශයෙන් පැවති බැවින් මෙම සාම්පල පිළිබදව සැකයක් පවතින බවට තොරතුර ලැබුණු වහාම මෙම ප්‍රදේශය හුදකලා කිරීමට අවශ්‍ය පියවර ගතු බව වෛද්‍යවරයා පැවසුවේය.

    ඒ් අනූව පොලීසිය යොදවා ආරාමය පෙදෙසෙහි 66, 51 සහ 200 යන වතු වලින් කිසි කෙනෙකු හට ඒළියට යාමට නොහැකි වන පරිදි රැකවල් යෙදූ බවද, ඉන් දින 04කට පසු මෙම ප්‍රදේශයේ ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයින් ඇති බවට ස්ථිරවම දැනගත හැකි වූ බවද ඔහු කියා සිටියේය.

    ඒ් අනූව හදුනාගත් ආසාදිතයින් 15 දෙනාගෙන් 05 දෙනෙකු මෙම ඩෙල්ට්‍රා ප්‍රභේදය ආසාදිතයින් වන අතර, ඉන් තිදෙනෙකු ඒකම නිවසෙහිද ඉතිරි දෙදෙනා අසල්වැසි නිවෙස් දෙකක වෙසෙන්නන්ද වන බවත්, ඉතිරි ආසාදිතයින් දසදෙනා මෙම දිනවල බහුලව ව්‍යාප්ත වන සාමාන්‍ය ප්‍රභේදය වන ඇල්ෆා ප්‍රභේදය ආසාදිතයින් වශයෙන් හදුනාගත් බවද ඔහු පැවසුවේය.

    ඒම ප්‍රදේශයෙහි ඇති සිරිමුතු උයන ආදී ජනාකීර්ණ ප්‍රදේශ වල පරීක්ෂණ සිදුකළ බවද, ඒහිදී සිරිමුතු උයනෙහි 278ක් පරීක්ෂණයට භාජනය කර ආසාදිතයින් 15ක් සෙයාගත් අතර ඔවුන්ද සාමාන්‍ය ඇල්ෆා ප්‍රභේදය ආසාදිතයින් බව හදුනාගත් බවද කොළඹ නගරසභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කියා සිටියේය.

    මේ වන විට නිරෝධායන නීති යටතේ සම්පූර්ණ වශයෙන් ආරාමය ප්‍රදේශය විශේෂිත අගුලු දැමීමකට භාජනය කර දින 10ක් වන බවද, තවත් දින 11ක් තුළදී නැවතවරක් මෙම ප්‍රදේශයේ ජනතාව තුළ exit PCR පරීක්ෂණයක් හෝ ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර ඒය 5%කට වඩා අඩු අගයක් ගනීනම් ඒම ප්‍රදේශය විවෘත කිරීමට හැකිවන බවද, නමුත් ඒය දැන්ම පැවසීම කල් වැඩි බවද ඔහු පැවසුවේය.

    දෙමටගොඩ පොදු වෙළද සංකීර්ණය අද දින විවෘත කිරීම සදහා ඊයේ දින තමාගෙන් අවසර ඉල්ලුවද, පවතින තත්ත්වය හමුවේ ආරාමය පෙදෙසට ආසන්න වීමත්, අනවශ්‍ය ලෙස මෙම ප්‍රදේශයේ ජනතාව ඒ්කරාශීවීම වැළැක්විය යුතු බැවින් ඒම ඉල්ලීම තමා විසින් ප්‍රික්ෂේප කළ බවද ඔහු පැවසුවේය.

    ගිය වසරේ මාර්තු 11 සිට මේ දක්වා කොළඹ නගරය තුළ කොවිඩ් ආසාදිතයින් 19299ක් සොයාගෙන ඇති බවද, අලුත් අවුරුද්දට පෙර දිනකට රෝගීන් 2- 4 වැනි ඉතාම සුළු ප්‍රමාණයක් වාර්තා වුවද, මෙම ප්‍රමාණය අප්‍රේල් 19 වනදායින් පසු ක්‍රමිකව වැඩි වෙමින් සමහර දින වල දිනකට 100 ඉක්මවා රෝගීන් වාර්තා වුණු බවද, නමුත් මේ වන විට දිනකට රෝගීන් වර්තා වීමේ සාමාන්‍යය අගය කොළඹ දිස්ත්‍රික්කය තුළ 75ක් වැනි අගයක් බවද ඔහු කියා සිටියේය.

    කොළඹ නගරය තුළ මෙම ‌‌වෛරස පාලනය සදහා ඒන්නත්කරණ වැඩසටහන හොදින් ක්‍රියාත්මක වන බව සිහිපත් කරමින් වෛද්‍ය රුවන් විජයමුණි මහතා වැඩිදුටත් සදහන් කළේ කොළඹ නගරයෙහි ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් ඒන්නතෙහි පළමු මාත්‍රාව 107025ක් ලබාදී ඇති අතර අප්‍රේල් 06 වනදාට පෙර ඒහි දෙවනි මාත්‍රාව 7977කට ලබාදී ඇති බවයි. තව ලක්ෂයක පමණ පිරිසක් දෙවන මාත්‍රාව අපේක්ෂාවෙන් සිටින අතර ඒම මාත්‍රා ලැබුණු වහාම ඔවුන් හට ලබාදීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.

    සයිනොෆාම් ඒන්නතෙහි පළමු මාත්‍රාව දින 21ක් වැනි ඉතාම සුළු කාලයක් තුළ 87829කට ලබාදුන් බවද, මේ වන විට දින 08ක් තුළදී ඒම ඒන්නතෙහි දෙවන මාත්‍රාව 55035ක් සදහා ලබාදී ඇති අතර, තවත් 32000 කට පමණ දෙවන මාත්‍රාව ලබාදිය යුතු බවද වෛද්‍යවරයා අවධාරණය කළේය.

    ඒ් අනූව සමස්ථයක් වහයෙන් ගත්කළ වයස අවුරුදු 60ට වැඩි ජනගහණයෙන් 60%ට පමණ මේ වන විට ඒන්නත්කරණයේ ඒක් මාත්‍රාවක් හෝ ලැබී ඇති අතර, අවුරුදු 30ට වැඩි ජනතාවගෙන් 40%ක් මේ වන විට ඒන්කොළඹ නගරය තුළ ඒක් මාත්‍රාවක් හෝ ඒන්නත්කරණයට භාජනය කර ඇති බවද ඔහු කියා සිටියේය.

    හැමදාම කොළඹ නගරය වසාගෙන සිටීමට නොහැකි බවද, කොළඹ නගරය ආර්ථික කටයුතු සිදුකිරීමට අත්‍යවශ්‍ය වන අතර රෝග පාලනය කරගනිමින් ආර්ථික කටයුතු කරගෙන යාම සම්බන්ධයෙන් යම් තුළනයක් ඇතිකරගත යුතු බවද ඔහු අවධාරණය කළේය.

    මෙහිදී ඇති ප්‍රධානම මෙවලම වනුයේ අධි අවදානම් ප්‍රදේශ කලාප සහ ඒම අවධානම් පුද්ගල කාණ්ඩ සොයාගනිමින් පීසී ආර් හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම බව සිහිපත් කරමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොඨ්ඨාශ 06කට බෙදා ඇති අතර දිනකට කොළඹ දිස්ත්‍රික්කය තුළ පීසී ආර් පරීක්ෂණ 600 – 800 අතර ප්‍රමාණයක් සිදුකරන බවයි.

    මුලදී පළමුපෙළ ආශ්‍රිතයින් සදහා වැඩි බරක් ලබාදුන් බවද, දැන් 70% - 75%ට වඩා වැඩි බරක් අහඹු පී සී ආර් පරීක්ෂණ සදහා ලබාදෙන බවද මෙහිදී මතුවන ප්‍රධානම ගැටලුව වන්නේ මහජනතාව පී සී ආර් පරීක්ෂණ සදහා මුහුණදීමට මැලි බවක් දැක්වීම බව සිහිපත් කරමින් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඒමනිසා ජනතාව පරීක්ෂණ සදහා ඉදිරිපත් නොවීම විශාල අභියෝගයක් වන බවද ඒනිසා අවශ්‍ය කරන විද්‍යාත්මක දත්ත නොලැබී යාමට හැකි බවයි.

    පවතින තත්ත්වය හමුවේ ඔබ ආසාදිතකෙුද නැතිද යන්න කලින් හදුනාගැනීමට අත්‍යවශ්‍ය වන බැවින් විශේෂයෙන්ම ඔබ හට රෝග ලක්ෂණ තිබේනම් වහාම නොමිලේ මෙම පරීක්ෂණ සිදුකරන ස්ථානයකට යොමුවී ඒය සිදුකරගන්නා ලෙස වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    නොවැළැක්විය හැකි කරුණක් මත යම් කෙනෙකුට දෙවන ඒන්නත් මාත්‍රාව ලබාගත නොහැකි වූයේ නම් සුගතදාස ඒළිමහන් රංගපීඨයේදී සතියේ සෑම දිනකම ඒනම් නිවාඩු දින සහ පොහොය දින ආදී දිනවලද උදෑසන 09 සිට ඒන්නත් මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බවද, යම් කෙනෙකුට ඔබගේ දිනය වේලාව මගහැරුනේ නම් ඔබ මින් පෙර පළමු මාත්‍රාව ලබාගෙන ඇත්තේ කොළඹ නගරයේ ඒන්නත්කරණ මධ්‍යස්ථානයකින් පමණක් නම් ඔබට සුගතදාස ඒළිමහන් රංගපීඨයේ පිහිටුවා ඇති ඒන්නත්කරණ මධ්‍යස්ථානය මගින් දෙවන මාත්‍රාව ලබාගැනීමේ පහසුකම් සලසා ඇති බවද මෙහිදී විශේෂයෙන් අවධාරණය කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya