අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර පළාතේ කාබනික පොහොර නිෂ්පාදන පුළුල් කිරීමට උපදෙස්

    ජූනි 19, 2021

    ඉදිරි කාලය තුළ රටේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම කාබනික කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන ඇති තීරණයට අදාළව නැගෙනහිර පළාතේ කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට හැකි ධාරිතාවය සොයා බැලිම සදහා වන විශේෂ හමුවක් අද පෙරවරුවේ පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි.

    මෙහිදී විශේෂ අවධානය යොමු වුයේ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්ක වල කෘෂිකර්මාන්තයට අවශ්‍ය කාබනික පොහොර නිපදවිය හැකි ප්‍රමාණයන් පිළිබදවයි. ඉදිරි කන්න වලදී මුහුණදීම සදහා අවශ්‍ය පොහොර නිෂ්පාදනය කිරීමේ කටයුතු කඩිනම් පියවර ගන්නා ලෙසද ආණ්ඩුකාවරිය අදාළ බලධාරින්ට නියෝග කළාය.

    ඊට අමතරව ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් ඊට අදාළ දත්ත වහාම එක් රැස් කිරීමට කටයුතු කරන ලෙසද ආණ්ඩුකාරවරිය පළාත් ප්‍රධාන ලේකම්වරයාට උපදෙස් දුන්නාය .

    මේ අතර කාබනික වගාව සාර්ථක කර ගැනීම සදහා ජල සැපයුම අඛණ්ඩව ලබා දිය යුතු බැවින් කිසිදු අවහිරතාවයකින් තොරව පළාතේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය මුදා හැරීමේ කටයුතු සිදු කරන ලෙසද ආණ්ඩුකාරවරිය පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂකවරයාට උපදෙස් දුන්නාය.

    මේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී.වනිගසිංහ, පළාත් කාෂිකර්ම ලේකම් කලාමතී පත්මරාජා, පළාත් වාර්මාර්ග අධ්‍යක්ෂක, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ .

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya