මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී රථ වාහන වැරදි සඳහා වන ස්ථානීය දඩ ගෙවීම් සඳහා තමන් සතුව පවතින ණයවර පත් (ක්‍රෙඩිට් කාඩ්) භාවිතා කිරීමට අවස්ථාව

    ජූනි 19, 2021

    ඉදිරියේදී රථ වාහන වැරදි සඳහා වන ස්ථානීය දඩ ගෙවීම් සඳහා තමන් සතුව පවතින ණයවර පත් (ක්‍රෙඩිට් කාඩ්) භාවිතා කිරීමට හැකියාවක් ලබා දෙන බවත්, එම ගෙවීම් සම්බන්ධයෙන් අදාළ ස්ථානයේ රාජකාරි කරන පොලිස් නිලධාරියාගේ සුහුරු(ස්මාර්ට්) ජංගම දුරකතනයට සියලු දත්ත ලැබෙන පරිදි වන ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවත්, බවත් මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.


    පාස්කු ප්‍රහාරයේ අද සහ හෙට යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ (18 දින) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රථ වාහන ස්ථානීය දඩ ගෙවීම් සම්බන්ධයෙන් කළ විමසුමකදී  අමාත්‍යවරයා මාධ්‍ය වෙත මේ බව පැවසීය.

    ඒ අනුව පොලිස් මූලස්ථානයේ මේ සම්බන්ධයෙන් වන අන්තර්ජාල ගෙවීම් ක්‍රමයක් ස්ථාපිත කරන බවත්, ඒ අනුව තමන් සතුව ඇති ජංගම දුරකථනයෙන් ඒ හරහා සිය ණයවර කාඩ්පත භාවිතා කර ගෙවීමේ හැකියාවක් පවතින බවත්, ඒ සම්බන්ධයෙන් මේවන විට වැඩිදුරටත් සාකච්ඡා කෙරෙමින් පවතින බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    එමෙන්ම රියදුරන් වැරදි කිරීම ස්ථානීය දඩ හරහා පාලනය කළ නොහැකි බැවින් මෙන්ම අවිනීත රියදුරන් මෙම දඩ සම්බන්ධයෙන් බියක් නොදක්වන බැවින් අඩුවන ලකුණු ක්‍රමවේදයක් යටතේ රථවාහන වැරදි සඳහා එක් එක් රියදුරන්ට ලකුණු දීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවත්, ලකුණු අඩු වූ විට මාස කිහිපයකට, වසර කීපයකට හෝ සම්පූර්ණයෙන්ම රථවාහන රියදුරු බලපත්‍ර අහෝසි කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන බවත් සරත් වීරසේකර මහතා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya