මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තාක්ෂණික ව්‍යාපාර සඳහා නව ණය ඇගයීම් වැඩසටහනක් හඳුන්වාදීමට ICTA සමග PwC එක්වේ

    ජූනි 10, 2021

    තාක්ෂණික ව්‍යාපාර සදහා අවම ඇපකරයක් සහිත ණය පහසුකම් ලබා ගැනීමේ ණය ඇගයීම් වැඩසටහනක් හඳුන්වා දෙයි.

    ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA), ප්‍රයිස්වෝටර්හවුස් කූපර්ස් (පුද්) සමාගම (PwC ශ්‍රී ලංකාව) සමඟ එක්ව තාක්ෂණික සමාගම් සඳහා මෙම වැඩසටහන හදුන්වදෙනලදී. සාම්ප්‍රදායික ණය ඇගයීමේ ක්‍රම මඟින් නිශ්චිත ණය ප්‍රමාණයක් ලබා ගැනීමට හෝ ව්‍යාපාර ණයක් සඳහා සුදුසුකම් ලැබීමට භෞතික ඇපකර ඉදිරිපත් කිරීමට අවශ්‍ය වේ. එහිදී තාක්ෂණික සමාගම්වලට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වේ. එම දුෂ්කරතා ජයගැනීම සදහා මෙම වැඩසටහන හදුන්වාදීමේ අරමුණ වි තිබේ.

    සීමාසහිත කැල්සි ටෙක්නොලොජීස් (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මංගල කරුණාරත්න , ලංකා ඒන්ජල් නෙට්වර්ක් හි ප්‍රධාන විධායක නිලධාරී චලින්ද අබේකෝන් ,එන්ඩීබී ඉන්වෙස්ට්මන්ට් බෑන්ක් ලිමිටඩ් හි ප්‍රධාන ආයතනික උපදේශක නිලධාරී නිලේන්ද්ර වීරසිංහ , සිමෙක්ස් (පුද්) සමාගමේ අධ්යක්ෂ වෙලිංටන් පෙරේරා සහ සී මැසෙන්ජර් (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී ජයෝමි ලොකුලියන යන අයගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක නිසි සහයෝගය හා උපදේශනය සමගින් මෙම වැඩසටහන සකස් කර ඇත .

    නව වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා මෙසේ පැවසීය. “නව්‍ය තාක්ෂණික ව්යවසායක
    පරිසර පද්ධතියට රටේ ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ හැකියාවක් පවතින මොහොතක, ඔවුන්ගේ විශාල අපනයන ධාරිතාව ද සැලකිල්ලට ගනීමින් මෙම තාක්ෂණික සමාගම් වර්ධනය සඳහා මුල්‍ය සහයෝගය ලබා දීම අත්‍යවශ්‍ය වේ.

    මෙම විකල්ප ණය ඇගයීමේ ක්‍රියාවලිය මඟින් තාක්ෂණික සමාගමක් පුද්ගලික ආයෝජන මත රඳා නොසිට ණයක් සඳහා ඉල්ලුම් කල හැකිය ” එම යාන්ත්‍රනය තවදුරටත් විධිමත් කිරීම සඳහා බැංකු කිහිපයක ණය ඇගයීම් නිලධාරීන්ගේ නිර්දේශයන් සමඟ වැඩසටහන සැලසුම් කර තිබීම විශේෂත්වයකි. ණය ක්‍රියාවලිය සඳහා තාක්ෂණ සමාගම් තක්සේරු කිරීමේදී නව වැඩසටහන සලකා බැලීමට සෙලාන් බැංකුව, ඩීඑෆ්සීසී බැංකුව, යුනියන් බැංකුව සහ එන්ඩීබී බැංකුව මේ වන විටත් සහයෝගය ලබා දී ඇත.

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරි අනුර ද අල්විස් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. “රැකියා අවස්ථා ලබා දීම දී තාක්ෂණික කර්මාන්ත රටේ ආර්ථික වර්ධනයට මූලික දායකත්වයක් දක්වයි.නමුත් බොහෝ තාක්ෂණික සමාගම් භෞතික ඇපකරයක් නොමැතිකම හේතුවෙන් ණය ලබා ගැනීමේ දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටී. COVID-19 වසංගතය හමුවේ තාක්ෂණික සමාගම් අභියෝග රැසකට මුහුණ දී ඇති අතර එය ඔවුන්ගේ වර්ධනය යම් දුරකට අඩපණ කර ඇත .මෙම පසුබිම තුළ, PwC සමඟ එක්ව දියත් කරන ලද නව වැඩසටහන තාක්ෂණික කර්මාන්ත නංවාලීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත.නව වැඩසටහන සැලසුම් කිරීම සඳහා අප සමඟ හවුල් වීම ගැනත්, සමස්ත ක්‍රි යාවලියම සාර්ථක කර ගැනීම සඳහා මෙහෙයුම් කමිටුවෙන් ලැබෙන උපදේශනය හා මග පෙන්වීම ගැනත් අපි ස්තූතිවන්ත වෙමු.

    PWC ශ්‍රී ලංකා ආයතනයේ ගනුදෙනු අධ්‍යක්‍ෂ කාවින්ද වීරකෝන් මහතා අදහස් දක්වමින් ." මෙම වටිනා මුලපිරුමට PwC ආයතනය සමග සම්බන්ධ වූ ICTA ආයතනයට ට අපි ස්තූතිවන්ත වන්නෙමු. මෙම වැඩපිළිවෙල සංවර්ධනය කිරීම සඳහා PwC ආයතනය විශේෂ උපදේශන කමිටුවක් සම්බන්ධ කර ගෙන තිබේ.ආර්ථිකයේ ඉහළ බලපෑමක් ඇති තාක්ෂණය මත පදනම් වූ අංශ සංවර්ධනය කිරීම සඳහා නම්යශීලී හා නව්‍ය මුල්‍ය පහසුකම් සැපයීමේ අරමුණින් ණය දෙන ආයතන සඳහා මෙම රාමුව උත්පෙරකයක් ලෙස ක්‍රි යා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ”

    ශ්‍රී ලංකාවේ වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින මුල්‍ය තාක්ෂණික (ෆින්-ටෙක්) සමාගමක් වන පේමීඩියා හි නිර්මාතෘ කනිෂ්ක වීරමුන්ඩ මහතා එන්ඩීබී වෙතින් ණයක් ලබා ගෙන ඇති ආකාරය පැහැදිලි කරන ලදී .”ඔබේම සමාගමක් ආරම්භ කිරීම තරමක් අභියෝගාත්මක නමුත් එය ප්‍රතිලාබ දායක ක්‍රි යාවලියක් විය හැකිය. “දේශීය බැංකුවකින් ණයක් ලබා ගැනීම නව්‍ය තාක්ෂණික ව්‍යසායක ආයතනයක් සඳහා හොඳ අවස්ථාවක් වී තිබේ.ව්‍යාපාරයට අරමුදල් සැපයීම සඳහා කොටස් හුවමාරු කර ගැනීමට හෝ ඇපකර ලබා දීමට සිදු වන වෙනත් නව තාක්ෂණික ව්‍යසායකයින්ට මෙය ඉතා වටිනා අවස්ථාවක් වනු ඇත.”
    “මෙම ණය ලබා ගැනීමේ ක්‍රියාවලියේදී ව්‍යාපාරික යෝජනාවක් සමඟ අයදුම්පතක් ඉදිරිපත් කරන ලෙසත් මෙයින් පසුව, ණය ලබා ගැනීම සඳහා අපගේ අරමුණ ඉදිරිපත් කරන ලෙසත් අපෙන් ඉල්ලා සිටි අතර සති 3 කටත් අඩු කාලයකදී අපට අනුමැතිය ලැබී ණය ලබා දීමටද හැකිවිය .සමස්ත ක්‍රියාවලියම සිදු වූයේ COVID-19 වසංගතයේ දෙවන රැල්ල අතරතුරය.”

    අන්තර්ජාලය ඔස්සේ පවතී මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අංශයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ ප්‍රධාන විධායක නිලධාරී මහින්ද බී. හේරත් ,තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී අනුර ද අල්විස්, ප්‍රයිස්වෝටර්හවුස් කූපර්ස් ( පුද්) සමාගමේ ගනුදෙනු සේවා අධ්‍යක්ෂ කාවින්ද වීරකෝන් , ඩී.එෆ්.සී.සී බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරි තිමල් පෙරේරා, ඩී.එෆ්.සී.සී. බැංකුවේ ප්‍රධාන අවදානම් නිලධාරී අශෝක් ගුණසේකර ,එන්.ඩී.බී බැංකුවේ මධ්‍යම වෙළෙඳපොළ හා ව්‍යාපාර බැංකුකරණයේ උප සභාපති - ඉන්දික රණවීර , පේමීඩියා (පුද්) සමාගමේ නිර්මාතෘ / ප්‍රධාන විධායක නිලධාරී කනිෂ්ක වීරමුන්ද යන ය මෙම අවස්ථාවට එක්වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya