මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවාට අසනීප තත්ත්වයක් ඇතිනම් රෝහලට රැගෙන ඒමට බිය වෙන්න එපා - ළමා රෝග පිළිබද මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ගුවනි ලියනගේ

    ජූනි 09, 2021

    දරුවන්ට මෙම දිනවල යම් අසනීප තත්ත්වයක් පවතී නම්,රෝහලට රැගෙන ඒමට බිය නොවන ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ළමා රෝග පිළිබද මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ගුවනි ලියනගේ මහත්මිය පැවසුවාය.

    ඇය මේ බව සදහන් කළේ, අද දින (09) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී පැවති කොවිඩ් රෝගය පිළිබද මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    සෑම රෝහලකම කොවිඩ් වැළදී ඇති ළමුන් සහ කොවිඩ් වැළදී නොමැති ළමුන් වෙන් වෙන් වශයෙන් ආරක්ෂිතව රදවා ඇති බවත්, සෑම දරුවෙකුම රෝහලට ඇතුලත් කරගැනීමට ප්‍රථමයෙන් ඇන්ටිජන් පරීක්ෂාවක් සිදුකරන බවද වෛද්‍යවරිය පැවසුවාය.

    ළමුන්ට ඇතිවිය හැකි කොවිඩ් රෝග ලක්ෂණ වශයෙන් උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ ආසාදන හා බඩ බුරුලෙන් යාම පැනනැගිය හැකි බවද, සෑම විටම උණ කොවිඩ් රෝගය හේතුවෙන් හටගැනීම සිදු නොවන බවද, දරුවාට උණක් ඇතිනම් වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කරගැනීම වැදගත් බවද ඇය අවධාරණය කළාය.

    දෙමාපියන් නිරෝධායනය වෙමින් සිටින අවස්ථාවක දරුවාට මෙම රෝග ලක්ෂණ පවතී නම් පළාතේ PHI හෝ MOH අමතා උපදෙස් ලබාගැනීම, පවුලේ වෛද්‍යවරයා ඇමතීම, 1390 හෝ 1999 ඇමතීම සිදුකළ යුතු බවද, උණ තදබලව පවතී නම් හෝ රෝග ලක්ෂණ උත්සන්නව පවතී නම්දුරකතනයෙන් උපදෙස් ලබාගැනීමට ප්‍රමාද නොවී වහාම ළගම ඇති රෝහලක් කරා දරුවා රැගෙන යාම සුදුසු බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

    දරුවාට වෙනත් බරපතල රෝග තත්ත්වයක් පවතින්නේ නම්ද වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුකිරීම සුදුසු බවද ඇය කියා සිටියාය.

    මෙවන් අවස්ථාවක දරුවාට ශාරීරික ක්‍රියාකාරකම් සහ විනෝදාංශ ඇතිනම් ඒවා හැකි අයුරින් සිදුකිරීමට ඉඩ ලබාදිය යුතු අතර දෙමාපියන් මානසික ආතතියකින් තොරව දරුවා සමග සැහැල්ලුවෙන් කටයුතු කිරීම වැදගත් බවද වෛද්‍යවරිය අවධාරණය කළාය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya