අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ හා මොස්කව් අතර ගුවන් ගමන් ආරම්භයට ශ්‍රී ලංකා ගුවන් සමාගම සූදානම් වෙයි

    ජූනි 09, 2021

    කොළඹ සිට මොස්කව් දක්වා සෘජු ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමේ අවස්ථාව නිමිත්තෙන් , රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රීලංකන් ගුවන් සේවය එක්ව 2021 මැයි 28 වැනි දින තානාපති කාර්යාල පරිශ්‍රයේ දී මොස්කව්හි සංචාරක උත්සවයක් පැවැත්විණ.මෙම උත්සවයට මොස්කව්හි සංචාරක සමාගම්වලටද ආරාධනා කර තිබුණි.

     

    රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය එම්.ඩී. ලමාවංශ මැතිතුමා, රුසියානු සංචාරකයින් සඳහා ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ඇති වැදගත්කම අවධාරණය කළ අතර, රුසියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහා මොස්කව් සිට කොළඹ දක්වා සෘජු ගුවන් ගමන් පැවැත්වීමේ වැදගත්කම ද සඳහන් කළේය. කොළඹ සිට මොස්කව් දක්වා සෘජු ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමෙන් පසු සතියකට එක් ගුවන් ගමනක් සිදු කෙරෙන බව රුසියාවේ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ රටේ කළමනාකරු ෂර්මල් පෙරේරා මහතා සඳහන් කළේය. ඇලෙක්සැන්ඩ්‍රා ඇනිසිමෝවා මහත්මිය රුසියාවේ ශ්‍රීලංකන් ගුවන් සමාගම් නියෝජිතයින් නියෝජනය කරමින් ගුවන් ගමනේ ක්‍රියාකාරිත්වය පිළිබඳව සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් කළ අතර, ඉන්පසු ශ්‍රීලංකන් ගුවන් සමාගම පිළිබඳ ප්‍රවර්ධන වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කළාය.

    කොළඹ සිට මොස්කව් දක්වා සෘජු ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම, රුසියානු වෙළෙඳපොළ තුළ පමණක් නොව සමස්ත පොදුරාජ්‍ය මණ්ඩලයීය ස්වාධීන රාජ්‍ය කලාපයේ රටවල ද දේශපාලන, ආර්ථික, සංචාරක, වෙළඳ, සංස්කෘතික යනාදී සියලු ක්‍ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නැවත ගොඩනැංවීම සඳහා විශිෂ්ට ආරම්භයක් වනු ඇත.

    රුසියාවෙන් අපේ රට වෙත සෘජු ගුවන් ගමන් නොමැති වීම සංචාරක හා ව්‍යාපාරික ගමන් සීමා කිරීම සඳහා බලපෑමක් ඇති කරන අතර, එමඟින් ගමන් කාලය ද සැලකිය යුතු ලෙස දීර්ඝ කරයි. අනෙක් අතට,කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ වෙනත් රටවල චාරිකා හා සංචාරක කර්මාන්තය ඇණහිට තිබේ. කෙසේ වෙතත්, දැනට ක්‍රියාත්මක කර ඇති සෞඛ්‍ය හා ආරක්‍ෂිත මාර්ගෝපදේශ සම්බන්ධයෙන් බොහෝ විදේශ සංචාරකයින් පසුබට වන විට, ලංකාවේ ඉහළම වෙළඳපොළ ප්‍රභවයන් දහයට අයත් වෙමින් රුසියාව සහ අනෙකුත් පොදුරාජ්‍ය මණ්ඩලයීය ස්වාධීන රාජ්‍යවල සංචාරකයින් කොවිඩ්-19 ව්‍යාප්තිය අතරතුර දී ශ්‍රී ලංකාව වෙත අඛණ්ඩව සංචාරය කළ අතර ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා උනන්දුවක් දැක්වීය. එබැවින්, ශ්‍රී ලංකාවේ ගුවන් සමාගම් කොළඹ සිට මොස්කව් දක්වා සෘජු ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම, පොදුරාජ්‍ය මණ්ඩලයීය ස්වාධීන රාජ්‍යවල කලාපයෙන් මෙතෙක් භාවිතයට නොගත් විභවයන් ආකර්ෂණය කර ගැනීම සඳහා කාලෝචිත තීරණයක් වනු ඇත.

    ගුවන් සේවා මඟින් තිරසාර ආර්ථික සංවර්ධනය සහ රටවල් අතර සමාජ හා සංස්කෘතික සබඳතා පවත්වා ගැනීම සඳහා දායක වන අතර, තමන් එතරම් ඈතක නොවන බව මිනිසුන්ට හැඟීමට ඉඩ සලසන බැවින්, ශ්‍රීලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකාවේ තේ මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, ආයෝජන මණ්ඩලය වැනි ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රවර්ධන සංවිධාන සමඟ එක්ව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සමීපව කටයුතු කරනු ඇති බව අවධාරණය කෙරිණි.

    කොළඹ සිට මොස්කව් දක්වා ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් සෘජු ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම ඉතා ඉක්මණින් සිදුවනු ඇතැයි යන අපේක්ෂාවෙන් යුතුව මෙම උත්සවය අවසන් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya