මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයහපත් කාලගුණය නිසා පාසල් පෙළ පොත් අහිමි වූ දරුවන්ට අලුතින් පෙළ පොත් ලබාදීමේ වැඩසටහනක් - අධ්‍යාපන අමාත්‍යංශය

    ජූනි 09, 2021

    දිවයිනේ පවතින අයහපත් කාලගුණය නිසා පාසල් පෙළ පොත් විනාශ වී ගිය දරුවන් සඳහා අලුතින් පෙළ පොත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා තීරණය කර ඇති බව අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

    ලේකම්වරයා මේ බැව් පැවසූයේ 2021/06/08 වන දින කොළඹ දී මාධ්‍ය අමතමිනි. එම දරුවන් තම පාසලේ විදුහල්පතිවරයාට දැනුම් දුන් පසු විදුහල්පතිවරයා විසින් කොට්ඨාස සහ කලාප අධ්‍යක්ෂවරුන් මඟින් අධ්‍යාපන අමාත්‍යංශට දැනුම් දෙනුඇති බව ද පැවසීය.


    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, ''2022 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම'' සඳහා ඉල්ලුම් කිරීමට ලබා දී තිබූ කාලය, පවතින කොවිඩ් වසංගතය තත්වය නිසා 2021 ජුනි මස 30 වන දින සිට මසක කාලයක් සඳහා දීර්ඝ කළ බව ද පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya