මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක සාගර දිනය අරමුණු කරමින් ශ්‍රි ලංකා සාගර විශ්ව විද්‍යාලයෙන් අන්තර්ජාතික සම්මන්ත්‍රණයක්

    ජූනි 08, 2021

    අදට (08) යෙදි තිබෙන ලෝක සාගර දිනය අරමුණු කරගනිමින් ශ්‍රි ලංකා සාගර විශ්ව විද්‍යාලය විසින් ලෝක සාගර දින අන්තර්ජාතික වෙබ් සම්මන්ත්‍රණයක් සංවිධානය කෙරිණි

    නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වෙබ් සම්මන්ත්‍රය “Blue growth for sustainable livelihoods” යන තේමාව මුලීක කරගනිමින් පැවැත්විණි.

    හරිත ආර්ථිකයේ සිට නීල ආර්ථිකය වෙත අවධානය යොමුකරමින් පවතින මොහොතකිදි සාගරයේ වැදගත්කම හා සමුද්‍රිය පරිසරයේ වර්තමාන තත්ත්වයන් ආරක්ෂා කරගැනිම, සුඵ පරිමාණ ධීවරයින්ගේ වෘත්තීය ගුණාත්මකභාවය හා සංවර්ධනය, ජලජ ජීවී වගාවන් හා එහි රෝග කළමණාකරණය, සුඵ පරිමාණ ධීවරයින්ගේ වෘත්තීය මාර්ගෝපදේශණය යන කරුණු පිළිබද මුලිකවම අවධානය යොමු කරමින් පැවැති මෙම සම්මන්ත්‍රණය සදහා නොර්වේ ආර්ක්ටික් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්වියන් ජෙනට්‍රොෆ්ට් මහතා හා සිඩ්නි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝ බේකර් මහත්මීය ඇතුඵ මෙම ක්ෂ්‍රේත්‍රයේ විශේෂඥයින් පිරිසක් සහභාගී විය.

    මෙම වෙබ් සම්මන්ත්‍රණය ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරීය, ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය, සුඵ පරිමාණ ධීවරයින් සදහා ශ්‍රි ලංකිය එකමුතුව ඇතුඵ දේශීය විදේශිය පිරිස නියෝජනය වන පරිදි පැවැත්විණී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya