අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොවියාට අවශ්‍ය පොහොර නියම වෙලාවට ලබා දීමට රජය කටයුතු කරනවා- පොහොර හිඟයක් නෑ- කෘෂි ඇමති

    ජූනි 08, 2021

    ගොවියාට අවශ්‍ය පොහොර නියම වෙලාවට ලබා දීමට රජය කටයුතු කරන බවත් වෙළෙඳපොළ පොහොර වල කිසිදු හිගයක් නොමැති බවත් ඒහෙත් ඇතැම් පුද්ගලයින් පොහොර සගවමින්, වැඩි මිලට විකුණීමක් සිදු වන බැවින් අවශ්‍ය පොහොර ගොවිජන මධ්‍යස්ථාන හරහා බෙදා හැරීම සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    ඉදිරියේ දී රසායනික පොහොර මෙරටට ආනයනය කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බවද කෘෂිකර්ම අමාත්‍යවරයා අද(08) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

    ඒඅනුව ඉදිරියේ දී මෙරටට අවශ්‍ය නයිට්රිජන් දියර ප්‍රමාණය පමණක් ආනයනය කළහොත් එය මෙරට පරිසරයට හානිකර ද යන්න සොයා බැලීමට විද්වත් කමිටුවක් පත් කළ බවද අමාත්‍යවරයා කීය. මේ සම්බන්ධව සමස්ත ලංකා ගොවි සම්මේලනයේ ගොවියන් සමඟ සාකච්ඡා කළ බවත් කිසිම ගොවියෙකු කාබනික පොහොර භාවිතයට විරුද්ධ නොවූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ගොවියන් ඒරෙහි වන්නේ ඇතැම් කූඨ වෙළෙඳුන් පොහොර සගවා ගනිමින් කරන ජාවාරම සම්බන්ධවයි යැයි කීය.

    වකුගඩු රෝගින් 65,000 ක් පමණ මෙරට සිටින බවත් ඒයට පැහැදිළිවම මෙම රසායනික පොහොර භාවිතා කීරිම හේතුවන බව පෙන්වා දී ඇතැයි කී අමාත්‍යවරයා, උතුරු මැද පළාතේ 25% දෙනා දියවැඩියාව රෝගයෙන් පෙළෙන බව හෙළි වී ඇතැයිද පෙන්වා දුන්නේය. දියවැඩියාව, පියයුරු පිළිකා වැනි රෝග වලට මෙම රසායනික පොහොර භාවිතය හේතු වී ඇතැයි ද පෙන්වා දුන්නේය.

    ලෝකයේ බොහෝ රටවල් රසායනික පොහොර භාවිතයෙන් මිදී කාබනික පොහොර සඳහා යොමු වෙමින් පවතින් බවත් රටවල් රැසක් කාබනික පොහොර සඳහා පමණක් යොමු වී තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා වසර 56ක් තිස්සේ රසායනික පොහොර භාවිතා කරන අපේ රට ඒ් සඳහා යොමු නොවී ඇති බවත් පෙන්වා දුන්නේය.2017 වසරේදී මෙරටට මේට්ට්‍රික් ටොන් ලක්ෂ 04ක් රසායනික පොහොර ආනයනය කර ඇති බවත් මෙම වසරේ ඒම ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් මිලියන 1.2ක් බවට ගනණය කර ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා, වසර 04ක් තුලදී මෙරට රසායනික් පොහොර භාවිතය 300% කින් වැඩි වී ඇතැයිද පෙන්වා දුන්නේය. මෙය ඉතා අවධානම් සහගත තත්වයක් බවත් රටේ නිෂ්පාදනය හෝ භූමියේ වැඩි වීමක් නොවී ඇතැයිද කීය.

    ප්‍රමාණය කාබනික පොහොර ආනයනය කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බවත් ආනයනය කිරීමට අවශ්‍යද යන්න සම්බන්ධව පසුගිය වසර 3,4 ඇතුළත රසායනික පොහොර භාවිතය විශාල වශයෙන් ඉහල ගොස් ඇති බවත්

    මෙම වැඩපිළවෙල දේශපාලනීකරණය නොගන්න ලෙස ඉල්ලා සිටි අමාත්‍යවරයා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී අභියෝග රැසක් පවතින බව පෙන්වා දුන්නේය.මෙහිදී ගොවියාට සිදු වන පාඩුව වෙනුවට වන්දියක් වුවද ගෙවීමට සූදානම් බවත් ගොවියාගේ ආර්ථිකය කෙරෙහි රජය සම්පූර්ණ අවධානය යොමු කර අතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    නමුත් අර්තාපල් වැනි භෝග සඳහා ඇති වන වසංගත සඳහා අවශ්‍ය පළිබෝධනාශක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ගෙන්වීමට කටයුතු කරන බවද ක්ෂුද්‍ර ජීවින් භාවිතා කර නව තාක්ෂණය යොදා ගනිමින් මෙම කාබනික පොහෙරා නිපදවිය හැකි බවත් මීට පෙර පැවති කොම්පොස්ට් පොහොර මෙන් නොව මෙම ක්‍රමය ඉතා සාර්ථක යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya