අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙර පාසල් ගුරුවරුන්ගේ මාසික දීමනාව දස ගුණයකින් වැඩි කෙරේ-අධ්‍යාපන අමාත්‍ය

    ජූනි 07, 2021

    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව කටයුතු කරමින් පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ වෙන ම පනතක් පාර්ලිමේන්තුවේ සම්මතකර ගැනීමට කටයුතු කරමින් පවතින බවත් මෙතෙක් පෙරපාසල් ගුරුවරුන් සඳහා මාසික ව ලබාදුන් රු. 250 දීමනාව දස ගුණයකින් වැඩිකොට රු.2500 ක් ලබා දීමට රජය තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

    අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද(07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර දී ය.

    වර්තමාන සමාජයේ අප එදිනෙදා මුහුණදෙන සාහසික ක්‍රියා, මත්කුඩු භාවිතය, ගෘහස්ත සාහසිකත්වය, කුඩා දරුවන්ට අමානුෂික ලෙස පහරදීම්, මව විදේශගතවීම නිසා පවුල තුළ ඇතිවන ගැටලු, වයෝවෘද්ධ දෙමාපියන් මහමඟ දමා යෑම වැනි දෙයෙහි රෝග නිධානය වන්නේ පෙරපාසල් අධ්‍යාපනය බව ත් මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, අමාත්‍යංශ ලේකම්තුමිය අතිපූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ ද ගෞරවනීය උපදෙස් සහිත ව පැහැදිලි වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන්නට අපට හැකියාව ලැබී ඇති බැව් අමාත්‍යවරයා පැවසී ය. එමෙන් ම දරුවාගේ වැඩෙන මනසට සාරධර්ම එකතු කිරීම, ආධ්‍යාත්මික ව්‍යුහයක් තුළ අධ්‍යාපනය ලබා දීම, හොඳ-නරක, ජීවිතයට මුහුණ දෙන ආකාරය, අභියෝග ජය ගැනීම, චිරාත් කාලයක් ආරක්ෂා චාරිත්‍ර-වාරිත්‍ර දරුපරපුරට ලබා දීම පෙරපාසලෙන් සිදු විය යුත්තක් ලෙස තම රජය විශ්වාස කරන බව ද පැවසී ය.
    එමෙන් ම ප්‍රතිපත්ති සාකසීමේ දී ආයතන කීපයකට කාර්ය භාර්යය පැවරීම නිසා සම්බන්ධීකරණයේ මතු වූ ගැටලු විසඳා ගන්නට රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස කැපවී ක්‍රියා කළ බව ද පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya