අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පානීය ජලයේ ගුණාත්මකභාවය වැඩිකිරීම අද දවසේ ප්‍රමුඛ කාර්යයි- නාගරික ජල කළමනාකරණය පිළිබඳ කලාපීය සමුළුව අමතමින් ඇමති වාසුදේව කියා සිටියි

    ජූනි 05, 2021

    පානීය ජලයේ ගුණාත්මකභාවය ඉහළ නංවා ගැනීම වර්තමානයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන බරපතල ගැටළුවක් වන බවත්, ගංඟා ඇතුළු ප්‍රධාන ජල මාර්ග වෙත අපද්‍රව්‍ය බැහැරලීමත්, වගා කටයුතු සඳහා යොදන රසායනික පොහොර සහ රසායනික ද්‍රව්‍ය වැසි ජලය සමඟ මුසුවී ප්‍රධාන ජල මාර්ග වලට එක්වීමත් නිසා මේ වන විට භූගත ජලයේ ගුණාත්මකභාවය සීඝ්‍රයෙන් පහළ වැටී ඇති බවත් මේ නිසා ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට මෙයින් බරපතල තර්ජනයක් එල්ල වී ඇති බවත් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

    නාගරික ජල කළමනාකරණය පිළිබඳ කලාපීය මධ්‍යස්ථානයේ 12 වන වාර්ෂික පාලක මණ්ඩලයේ සමුළුව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කලේය.

    නාගරික ජල කළමනාකරණය පිළිබඳ කලාපීය මධ්‍යස්ථානය (RCUWM) 2002 වර්ෂයේ සිට යුනෙස්කෝවේ අනුග්‍රහය යටතේ ඉරානයේ ටෙහෙරාන් නුවර ස්ථාපිත කර ඇත. අන්තර්ජාතික හා කලාපීය මට්ටමින් ධාරිතා වර්ධනය, දැනුම හුවමාරු කරගැනීම සහ පර්යේෂණ මඟින් ජලය සම්බන්ධ උපාය මාර්ගික ව්‍යාපෘ‍තීන් සඳහා මෙම සංවිධානය දායක වේ.

    පවත්නා ගිවිසුමට අනුව ඉහළ මට්ටමේ තීරණ ගැනීම පාලක මණ්ඩලය සතු වන අතර මෙවර සභාපතීත්වය ඉරාන රාජ්‍ය වෙත හිමිව ඇත. ඇෆ්ගනිස්ථානය, ආමේනියාව, බහරේන්, බංගලාදේශය, ඊජිප්තුව, ඉන්දියාව, ඉරාකය, කුවේට්, ලෙබනනය, ඕමානය, පකිස්ථානය, සිරියාව, ටජිකිස්ථානය, අසර්බයිජානය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, තුර්කිය සහ ශ්‍රී ලංකාව යන රටවල් 19 ක ජල සම්පාදන සහ ජල සම්පත සුරක්ෂිත කිරීමේ වගකීම් භාර අමාත්‍යවරුන් සූම් තාක්ෂණය ඔස්සේ මෙම සමුළුව සඳහා එක්වීය.

    මෙහිදී වැඩිදුරටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර මහතා, වර්තමානයේ ජලය සඳහා දැඩි ඉල්ලුමක් පවතී. මේ අනුව ජලය භාවිතා කිරීමේ විවිධ වූ අංශයන් අතර මෙම තත්ත්වය හේතුවෙන් තරඟකාරීත්වයකට මගපෑදී ඇත. කෘෂිකාර්මික අවශ්‍යතාවන් ප්‍රමුඛ වාරිමාර්ග කටයුතු, කර්මාන්ත සහ ජල ආශ්‍රිත විවිධ වූ ව්‍යාපෘතීන් සහ වැඩසටහන් පානීය ජලයට අමතරව රට තුළ ක්‍රියාත්මක වීම මෙම තරඟකාරීත්වයට හේතු වී ඇත.

    2025 වර්ෂය සම්පූර්ණ වන විට සැමට පිරිසිදු පානීය ජලය ලබාදීමේ ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල යථාර්තයක් බවට පත්කරමින් රටපුරා පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය 100% කින් සපුරාලීමට මේ වන විට සියළු සැලසුම් සකස් කොට ක්‍රියාත්මක කරමින් පවතින බවද ජල සම්පාදන අමාත්‍යවරයා මෙම සමුළුව අමතා වැඩිදුරටත් පැහැදිලි කළේ ය. වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක විධිමත් සහ කාර්යක්ෂම ජල සම්පාදන වැඩපිළිවෙල ජාත්‍යන්තර නියෝජිතයින්ගේ විශේෂ ඇගයීමට සහ පැසසුමට ලක්වීය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya